IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


අලි ඇතුන් හොරෙන් පෙන්වන ජාවාරමක්

(කාංචන කුමාර ආරියදාස)

කවුඩුල්ල ජාතික උද්‍යානයේ වන අලින් පෙන්වා රජයට ලැබිය යුතු මුදල් හොර රහසේ කාලයක් තිස්සේ  ලබාගත් ජාවාරමක් හෙළිකර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ වැටලීම් කණ්ඩායමකට හැකි විය.

වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල් රන්ජන් මාරසිංහ මහතාට විශ්වාසදායී තොරතුරකින් ලැබී ඇත්තේ කවුඩුල්ල ජාතික උද්‍යානයේ වන අලින් නැරඹීම සඳහා යන ජීප් රථ ප්‍රවේශපත්‍ර ලබා නොගෙන ඇතුළු වී විදේශිකයන් විසින් ලබාදෙන රජයට ලැබිය යුතු මුදල ඔවුන් ලබා ගන්නා රහසිගත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව පසුගිය දා කොළඹ ප්‍රධාන කාර්යාලයේ විශේෂ වැටලීම් නිලධාරී කණ්ඩායමක් කවුඩුල්ල ජාතික වන උද්‍යානයට ගොස් වන උද්‍යානයේ ඇතුළ ඇතුල් වී විදේශිකයන්ට වන අලින් පෙන්වමින් සිටි ජීප් රථ පරීක්ෂාවට ලක් කොට තිබේ.

එහිදී ප්‍රවේශපත්‍ර ලබා නොගෙන ඇතුලත් වී තිබූ ජීප් රථ දහයක් පමණ අනාවරණය කර ගැනීමට වැටලීම් කණ්ඩායමට හැකි වූ බව වනජීවී අධ්‍යක්ෂක ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසීය.

මේ ජාවාරමේ සිදුවන ආකාරය සහ සිදුකරන ලද විමර්ශන වල ප්‍රගතිය අප කළ විමසීමකදී වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ එහි බොහෝ තොරතුරු රැසක් පවතින බවත් ඉදිරි විමර්ශන කටයුතු වලට බාධාවක් නිසා එය ප්‍රකාශ කිරීමට තවමත් ප්‍රමාද වන බවය.

 

 



අදහස් (0)

අලි ඇතුන් හොරෙන් පෙන්වන ජාවාරමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 898 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site