පාසල් සිසුවා කැලයෙන් අහුලාගත් බෝම්බය සරුංගලයක් සෑදිම සඳහා ලී කපා ගැනිමට කැලයට ගිය පාසල් සිසුවකු අත් බෝම්බයක් අහුලාගෙන නිවසට ගෙනැවිත් තිබියදී සොයාගෙන එය නිශ්ක්‍රිය කිරිමට කටයුතු කළ බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 21 July 2025
නී.පොලිස්පති මාරපනගේ පෙත්සමට දින දෙයි නීතියට පටහැනි ආකාරයට අත්තනෝමතික ලෙස මාස හයක කාලයක් තුළ පොලිස්ථාන තුනකට මාරු කර යැවීමෙන් සහ තමන්ට වඩා කනිෂ්ඨ නිලධාරියකු යටතේ සේවයේ කිරීමට සැලැස්වීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි සඳහන් කරමින් යාපනය ප්‍රදේශයේ භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන මහතා ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 03 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. 21 July 2025
‘‘රජය ප්රතිසංස්කරණයක් පෙන්නා අධ්‍යාපනය විනාශ කරනවා‘‘ රජය සිසු පරපුර විනාශ කිරීමේ අදූරදර්ශී අධ්‍යාපන ප්රතිසංස්කරණයක් කරා යමින් සිටින බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 21 July 2025
මත්තල ගුවන්තොට කෝටි 3800ක පාඩුවක් ලබලා මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය වසර පහේ රුපියල් කෝටි 3800ක පමණ පාඩුවක් ලබා ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 21 July 2025
ගිනි අවියක් සමග දෙදෙනෙක් මාට්ටු වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය දෙමටගොඩ ඇන්ටන් රාජ් නැමැත්තාගේ ඥාතී සහෝදරයකු සහ ව්‍යාපාරිකයකු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 12 ක් සමග අද දහවල් බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 21 July 2025
අනුරාධපුර පණ්ඩුල සිසු සිසුවියෝ ජනපති කාර්යාලයට අනුරාධපුර පණ්ඩුල මහා විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ Vision වැඩසටහනට අද සහභාගී වූහ. 21 July 2025
ජ.වි.පෙ සහෝදරයෝ ආදරය ගෙන උතුරට යති සහෝදරත්වයේ දිනය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය යාල් දේවි දුම්රියෙන් බදාදා(23)යාපනයට යෑමට නියමිතය. 21 July 2025
පාර්ලිමේන්තු ක්‍රමය ගැන ’’පැෆරල්’’ දැනුවත් කරයි නිදහස් සහ සාධාරණ මැතිවරණයන් සඳහා වූ ජනතා ක්රියාකාරීත්වයේ (PAFFREL) කාන්තා නායිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. 21 July 2025
නිළි රැජිනට ශෝක විවාදයක් සිකුරාදා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබද ශෝක යෝජනා විවාදයක් ලබන 25 වැනිදා සිකුරාදා පැවැත්වේ 21 July 2025
මූල්‍ය අරමුදල ජනපති හමු වෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ පැවැත්විණි. 21 July 2025
‘‘නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා‘‘ එදාවේල සරි කර ගැනීමට නොහැකි වුවද තම ජීවිත ගැන සිතා පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නිරත නොවන්නැ’යි සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය. 21 July 2025
ප්‍රහාරක යානයක් පාසලකට වැටිලා බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක්, එරට ඩකා අගනුවර, උත්තරා ප්‍රදේශයේ පාසලකට කඩා වැටුණි. කඩා වැටුණු ගුවන් යානය පුපුරා ගියේය. 21 July 2025
ආචාර්ය නදීශා අගමැතිනිය හමු වෙයි බුද්ධිමය දේපළ, නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනය වන ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් පැවැත්වූ 2025 WIPO සම්මාන උළෙලේ ’’බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන්’’ පිදුම් ලැබූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවිය. 21 July 2025
ආනමඩුවේ ධම්මදස්සී අනු නා හිමි බුදු දහම වෙනුවෙන් ජීවිතයම කැප කළා අපවත් වී වදාළ ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නාහිමියන් බුදු සසුනේ චිරස්ථතිය උදෙසා ජීවිතයම කැප කළ නිහතමානී සංඝ පීතෘන් වහන්සේ නමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 21 July 2025
අලුත්ගම සාරධර්ම පෙරහර විදී සරයි බේරුවල දකුණ ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් අලුත්ගම කලාපීය ශාසනාරක්ෂක විහාරස්ථාන එකමුතුවේ දහම්පාසල් සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන සාරධර්ම පෙරහර පසුගියදා කලුවාමෝදර ක්ෂේත්රාරාම මහා විහාර වෙලේ පන්සල භූමියෙන් ආරම්භ වීදී සංචාරය කරහ. 21 July 2025
සෘජු විදෙස් ආයෝජනත් ඉහළට මෙම වසරේ පළමු මාස 6 තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 507 ක සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව සියයට 101 වර්ධනයක් බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 21 July 2025
රාජ්‍ය ආදායමේ වර්ධනයක් රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. 21 July 2025
එයාර් ඉන්දියා යානයක් අදත් අනතුරක ඉන්දියාවේ මුම්බායි නුවර, වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගොඩ බෑමට සූදානම් වූ ‘එයාර් ඉන්දියා’ ගුවන් යානයක් අනතුරට ලක්විය. 21 July 2025
හැටන් අධි බලැති විදුලි රැහැනට ගසක් කඩා වැටේ හැටන් සිට තලවකැලේ සෙන්ක්ලෙයාර් දක්වා ඇද ඇති වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් මතට ගසක් කඩා වැටිමෙන් එම අධි බලැති විදුලි රැහුන් පද්ධතියට දැඩි අලාභ හානි සිදු වී ඇතැයි හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිමල් සමරකෝන් මහතා පැවසීය. 21 July 2025
මහින්දානන්දට - නලින්ට තවත් නඩුවකට අධි චෝදනා 2015 ජනපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාට වාසි සලසන අයුරින් සතොස ආයතනය හරහා ආනයනයක කළ කැරම්බෝඩ් සහ දාම් බෝඩ් ක්‍රිඩා සංගම්වලට බෙදා හැර ඇති බව චෝදනා කරමින් හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු සහ ක්‍රිඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චිට විරුද්ධව පවරා ඇති නඩුවේ අධි චෝදනා පත්‍ර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා අද බාර දුන්නේය. 21 July 2025
පනහඩුව වැවේ ජීවිත දෙකක් සැඟ වේ උඩවලව පනහඩුව වැවේ ටියුබයක ආධාරයෙන් මත්ස්‍යයන් ඇල්ලීමට ගිය දෙදෙනකු දිගි ගලීමෙන් ඒක් අයකු අතරුදන්ව අනෙත් පුද්ගලයාගේ මියගොස් ඇතැයි උඩවලව පොලිසිය කියයි. 21 July 2025
සම්බාහනය මුවාවෙන් ගණිකා මඩමක් පවත්වලා සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසක් වටලා තායිලන්ත ජාතික කාන්තාවන් නව දෙනකු සමග එහි කළමනාකරු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 21 July 2025
පෙම්වතා බේරා ගන්න වියානා ඇළට පැන්න සරසවි සිසුවිය අතුරුදන් මහියංගන - බදුල්ල මාර්ගයේ මාපාකඩවැව 17 කණුව ප්‍රදේශයේ මහවැලි වියානා ඇළට වැටී සරසවි සිසුවිකය අතුරුදහන්ව ඇතැයි මහියංගණ පොලිසිය පවසයි. 21 July 2025
කෑගල්ලේ දී බස් බස් ගැටී 28ක් රෝහලට කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ දී අද අලුයම බස් රථ දෙකක් ගැටීමෙන් මගීන් 28 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පැවසීය. 21 July 2025
ආණමඩුවේ ධම්මදස්සී අනු නා හිමියෝ අපවත් වෙති ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනූනායක ආණමඩුවේ ධම්මදස්සී අනුනායක හිමිපාණන් වහන්සේ අපවත් වී වදාළ බව අස්ගිරි මහා විහාර පාර්ශ්වය නිවේදනය කර සිටි. 21 July 2025
රට වැටෙද්දී දොස්තරලා 1489 රටින් පැනලා මෙරට ඉතිහාසයේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයත් සමග 2022 සිට 2024 දක්වා වසර තුනක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළුව වෛද්‍යවරුන් 1489 දෙනකු රටහැර ගොස් ඇති බවත් ඉන් රජයට සහ බදු ගෙවන්නන්ට සිදු පාඩුව රුපියල් කෝටි 1250 ක් බවත් නවතම අධ්‍යනයකින් අනාවරණය වී ඇත. 21 July 2025
පැන්ෂන් පඩි ඉල්ලා හිටපු මන්ත්‍රීවරු ජිනීවා යන්න සැරසෙති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්නේ නම් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුව තීරණය කර ඇත. 21 July 2025
යාපනයේ දෙපිරිසක් අතර ගැටුමක් යාපනය වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් පාලනය කිරීම සඳහා වඩුක්කෝට්ටේ පොලිසිය අද අහසට වෙඩි තබා ඇත. 20 July 2025
නූලෙන් බේරුණු දඩයම මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සහෝදරයාව ඔහුට අයත් කොල්ලූපිටිය රාත්‍රී සමාජ ශාලාව තුළදී ඝාතනය කිරීම සඳහා රැගෙන ආ බව සැකකරන ටි 56 ගිනි අවිය සොයා ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය කියයි 20 July 2025
බැංකු යන්ත්‍රයෙන් කෝටි පහක සල්ලි ඇදලා ජාත්‍යන්තර මුදල් ගනුදෙනු කළ හැකි බැංකු කාඩ්පතක් භාවිත කරමින් මාතලේ නගරයේ රජයේ බැංකු ශාඛාවක එ.ටී.එම් යන්ත්‍රයකින් රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් (48084000) වංචනික ලෙස ගත් බව කියන දෙදෙනකු සහ ඊට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පැවසීය. 20 July 2025
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026