IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ලොකු ලූනු වලට ස්ථාවර මිලක්

(අංජුල මහික වීරරත්න)

ගොවියාට අසාධාරණයක් නොවන අන්දමින් ලොකු ලූනු සඳහා ස්ථාවර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

දේශීය ලොකු ලූනු ගොවීන් මුහුණ දී සිටින ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ එම ගොවීන් සමඟ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (17) පැවැති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරිණි.

ගබඩාකරණය ඇතුළු ගොවින්ගේ පහසුකම් පුළුල් කිරිමට ගත හැකි පියවර පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

වී වගාව කෙරෙහි දීර්ඝ කාලයක් පුරා අවධානය යොමු කරමින් වී ගොවියා ආරක්ෂා කර ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර තිබුණද අනෙකුත් බෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් රටේ මෙතෙක් සකස් කර නොමැති බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍ය ලාල්කාන්ත මහතා දේශීය ලොකු ලූනු ගොවීන්ගේ ගැටලු විසඳීමට රජයක් ලෙස නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කෙරෙන පළමු අවස්ථාව මෙය බව කීය.

සියලු ගොවීන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වත්මන් රජයේ අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ලොකු ලූනු ගොවීන්ගේ ගැටලුවට විසැදුම් සෙවීමේදී එම ගැටලුවලට ප්‍රමුඛතාව ලබා දෙන අතරම පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලූනු ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින් ඊට විසදුම් සෙවීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

එම තීන්දු තීරණ ගැනීමේදී නිවැරදි දත්ත මත පදනම්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැහැදිලි කළේය.



අදහස් (10)

ලොකු ලූනු වලට ස්ථාවර මිලක්

වීරසේකර Monday, 17 November 2025 04:33 PM

21 වැනිදට බයවෙලා නන්දොඩවනවා. ලොකු ලූණු ගොවියාට වෙන්න ඕන නස්පැත්තිය වෙලා ඉවරයි.

:       26       37

pradeepMonday, 17 November 2025 05:45 PM

බයවෙන්න ඕනෙ රට විනාශ කරපු නුඹලාගේ නඩේ...

:       23       16

de silva Monday, 17 November 2025 05:17 PM

ඕව ස්ථාවර මිලවල් දමලා විසදන්න පුළුවන් ප්‍රශ්න නොවේ ඇමතිතුමා, එහෙම නම් පසුගිය ආණ්ඩුව කීපාරක් ස්ථාවර මිලවල් දැම්මාද? කෝ ප්‍රශ්නේ විසදුනාද? ඔය ප්‍රශ්නෙට විසදුම පුද්ගලික අංශය හවුල් කරගෙන ලොකු ලුණු, එළවලු පලතුරු වලට ගබඩා පහසුකම් සැලසුම් කර ඉදි කිරීම සැලසුම් කිරීම සහ ලබන කන්නේ ගොවියෝ මොනවාද වගා කරන්නේ? කොපමණ ප්‍රමාණයක් වගා කරනවාද? අස්වැන්න කොහොමද බෙදා හරින්නේ වැනි සැලසුම් ගොවි සංවිධාන සමග සාකච්ඡා කර සකස් කරන ලෙස කෘෂි කර්ම නිලධාරීන්ට චක්‍ර ලේකන නිකුත් කිරීම..., නැතිනම් වෙන්නේ ලබන කන්නෙත් ගොවියෝ සියලුදෙනාම එකම දෙය වගා කරලා කුණු කොල්ලෙට විකුණාවි... එහෙම නැතිනම් විසි කරලා දන එක...

:       0       23

swene Monday, 17 November 2025 06:48 PM

21 වෙනිදාට රඟපෑමට ඉන්න නළුවන්ගේ රූප පුච්චලා...

:       14       12

දිමුත් Monday, 17 November 2025 06:57 PM

එතකොට පාරිභෝගිකයා? ඕවා වවන එක පාඩුයි නම් රටින් ගෙන්නන්න නිකං බොරු වැඩ නොකර!

:       9       13

Perakum Liyanagama Monday, 17 November 2025 09:12 PM

වෙනත් දියුණු රටවල කෘෂිකර්මාන්තය සිදුකරන්නේ රාජ්‍ය අධීක්ෂණය යටතේ විද්‍යාත්මක පදනමක් මත බැවින් ගොවියාට මෙවැනි අභාග්‍යසම්පන්න තත්වයන්ට මුහුණ දීමට සිදු නොවේ. අවාසනාවක මහිම අපේ රටේ කිසිදාක එවැනි උත්සාහයක් දරා නොමැත. කෘෂිකර්ම බලධාරීන්ට අවබෝධයක් ඇතත් ඒ සඳහා උනන්දුවක් නැත. ඔවුන් කරන්නේ ජනතා බදු මුදලින් තමතමන්ගේ සුඛවිහරනය සලසා ගැනීම පමණි. මාලිමා රජය මේ පිළිබඳ උනන්දුවක් දක්වන බව පෙනේ.

:       0       0

Ahmed (Gulf) Tuesday, 18 November 2025 12:08 AM

ලැජ්ජයි, අකාර්යක්ෂම ඇමතිවරුන් සිටින අකාර්යක්ෂම ආණ්ඩුවක්.

:       0       2

Nishan Tuesday, 18 November 2025 07:44 AM

ඔය ආපස්සට කැරකිලා ඇවිත් තියෙන්නේ චන්දෙට කලින් ගොවියන්ව රවට්ටන්න ඔහේලම දීපු බොරු පොරොන්දු තමයි. ගොවියගෙන් රුපියල් 200 ට අරන් පාරිභෝගිකයට රුපියල් 150 ට දෙනවා කියලයි පොරොන්දු උනේ. දැන් ඒවා ඉෂ්ඨ කරන එකයි ඇත්තේ.

:       1       6

Kabir Tuesday, 18 November 2025 08:10 AM

මාලිමා වහල්ලු හොඳට හෝදනවා

:       1       7

Mahesh Tuesday, 18 November 2025 09:05 AM

ලූනු ටික නරක් වෙනකං ඉදලා මිල දෙනවා .අනේ ලාල් ,වසන්ත බොරු වැඩ නොකර අකුලගෙන පලයල්ලා .වසන්ත ඔය හොඳ කොමිස් කක්කෙක් කියලා අපි දන්නවා.බැසිල් පරාදයි ඔයාට .

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 238 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 388 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site