
(ටී.කේ.ජී.කපිල)
මෙම වසරේ (2025) ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම (මිලියන 02) ලක්ෂ 20 කඩඉම පසු කර යාමට අද (17) සමත් විය.
එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි ශ්‍රි ලන්කන් ගුවන් යානයේ පැමිණී රෆායෙල් කැරොන් (Raphael Caron සහ ඔහුගේ බිරිද ක්ලෙයා චාලට් ( Claire Charlet) මහත්මිය කටුනායක ගුවන් තොටුපොළ වෙත වෙත පැමිණීමත් සමග මෙම ලක්ෂ 20 කඩඉම පසු කර යාමට හැකිවී තිබේ
මොවුන් දෙදෙනා ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිකරුවන් වන අතර ඔවුන් සති දෙකක කාළයක් මෙරට රැදී සිටිමින් , සංචාරයෙහි මෙන්ම සාප්පු සවාරිවල යෙදීමට නියමිතය.
රෆායෙල් කැරොන් මහතා ප්‍රංශයේ මූල්‍ය කළමනාකරුවෙකු ලෙස සේවයේ නිරත වී සිටින්නෙකි.
ඔවුන් එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (17) පස්වරු 01.30ට පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ පාලන සහ මානව සම්පත් අනූෂා දමයන්ති මහත්මිය ඇතුළු එම කාර්යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උසස් නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.


2025 දෙසැම්බර් මස 04
238
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
388
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෙම වසරේ සංචාරකයන් ලක්‍ෂ 20 කඩයිම පසුකරයි
Nishan Tuesday, 18 November 2025 03:56 AM
ටාගට් එක ලක්ෂ 30 ක් නේද තිබුනේ? එහෙම ඇස්තමේන්තු කරලා නේද ඩොලර් ආදායමත් ගණන් හැදුවේ?