IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


කොළඹට ජාතික හදවත් රෝහලක්

(නිමල කොඩිතුවක්කු)

ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා ජාතික හදවත් රෝහලක් ස්ථාපිත කිරීම ඇතුලු සෞඛ්‍ය අංශයේ නව ව්‍යාපෘති නමයක්  ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ අනුව හෘද රෝග සඳහා අවශ්‍ය සියලුම නවීන සම්පත් ඇතුලුව  මහල් 16කින් සමන්විතව අදියර දෙකක් යටතේ මෙම ජාතික හදවත් රෝහල ස්ථාපිත කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

හෘද රෝග සඳහා පවතින තදබදය අවම කිරීමේ අරමුණින් ජාතික හදවත් රෝහල ක්‍රියාත්මක කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18)පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු පැවසීය.

රටේ සිදුවන මරණ වලින් සියයට 83 ක් බෝ නොවන රෝග වලින් සිදුවන බවත් ඉන් සියයට 40ක් පමණ හෘදය වස්තුව ආශ්‍රිත රෝග වලින් මරණයට පත්වන  බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

වසර තුනක් තුළ මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කරන බවත් ඒ සඳහා රුපියල් බිලියන 12ක් වැය කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා තවදුරටත් කීවේය.



අදහස් (1)

කොළඹට ජාතික හදවත් රෝහලක්

Rata Perata Tuesday, 18 November 2025 04:43 PM

ඉතාම අත්‍යාවශ්‍ය දෙයක්...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 898 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site