IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


’’චාමරට එරෙහි විමර්ශන අවසන්’’

(රෝෂන් තුෂාර)

ඌව පළාත්  ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක  පාඩුවක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනාට එරෙහි විමර්ශන අවසන් කර ඇති බැවින් ඉදිරියේදී මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම (18)පැවසීය.

මෙම පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේ ඇප මත සිටින සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක, ඌව පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්( මූල්‍ය) සුමිත්‍රා සිල්වා හා රාජකරුණා මනමේන්ද්‍ර සුනිල් ගාමිණි  අධිකරණයේ පෙනී සිටියේය.

අල්ලස් කොමිසම වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන්කර අදාළ උදෘත අල්ලස් කොමිසමේ නීති අංශය වෙත යොමු කර ඇති බවය.ඒ අනුව සැකකරුවන්ට ඉදිරියේදී කොළඹ මහාධීකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවද පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ 2016 පෙබරවාරි 29 දින රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය පලාත් සභාවේ  ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල්පිරීමට පෙර  ඉවත්කර රජයට රුපියල් ලක්ෂ 173ක  පාඩු  සිදු කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධානමයි ස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය 2026 පෙබරවාරි 20 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.



අදහස් (3)

’’චාමරට එරෙහි විමර්ශන අවසන්’’

Perera Wednesday, 19 November 2025 12:20 AM

වතුර රත් වෙනකන් මේ දවස්වල කකුළුවා උඩ පැන පැන නටනවා.

:       0       0

Nishan Wednesday, 19 November 2025 10:57 AM

පළාත්සභාවල සියළුම ආදායම් රජයේ ගිණුමට බැර කල යුතුයි කියලා ගහපු චක්‍රලේඛයක් අනුව තමයි චාමර සම්පත් පළාත් සභාවේ ආදායම දාලා තිබුණු ස්ථාවර ගිණුම වහලා ඒ සල්ලි රජයට දීලා තියෙන්නේ. ඒ නිසා ලැබෙන්න තිබිලා අහිමි වූ පොලිය ගැන තමයි මේ චෝදනාව. චාමර සම්පත්ගේ කට වහන්න මේක ගෙනාවට අපි බලමු උසාවියේදී ආණ්ඩුව පීචන් වෙන හැටි...

:       0       0

දයාන් කන්නන්ගර Wednesday, 19 November 2025 11:24 AM

කිසිම තේරුමක් නැතිව ඔහේ බුරන බල්ලෝ නිසා අසල්වැසියන්ට හරිම කරදරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 189 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1050 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site