IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


අල්ලස් ගත් මිනුම්දෝරුවකුගේ ඇප විසි වෙයි

(රෝෂන් තුෂාර)

අක්කරේපත්තුව දිසා අධිකරණයෙහි විභාග වන ඉඩම් නඩුවක  විත්තිකරුවෙකුට වාසි සහගත අයුරින් මැනුම් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබා ගත්තේ යැයි කියන මිනුම්දෝරු සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අසංග  එස් බෝදරගම මහතා (18) නියෝග කළේය.

මිනුම්දෝරු හවතල් කරීම් රෆයුසීස් නැමැති සැකකරුගේ ඇප ඉල්ලීම මෙසේ ප්‍රතික්‍ෂේප කෙරිණි.

බන්ධනාගාර නිලධාරීන් මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ නඩුවේ විත්තිකරු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු සම්බන්ධයෙන් විමර්ශනය කර අත්අඩංගුවට ගත් බවය.විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වන බවද ප්‍රකාශ කළේය.

සැකකරු  අවස්ථා දෙකකදී ද රුපියල් විසිදහක මුදලක් ලබාගෙන ඇති බවත්  ඉන් පසුව ලක්ෂ පහක් ඉල්ලා එය ලක්ෂ තුන දක්වා අඩුකර ඇති බවද පැවසීය.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා කරුණු දක්වමින් ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව සිය සේවා දායකයා සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ  මහේස්ත්‍රාත්වරයා  සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරමින් විමර්ශන ප්‍රගතිය ලබන විසි අට දින ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.



අදහස් (0)

අල්ලස් ගත් මිනුම්දෝරුවකුගේ ඇප විසි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 898 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site