IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


මත්ද්‍රව්‍ය මර්දන වැඩේට විපක්ෂයට ආරාධනා කළේ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට දේශපාලන පක්ෂ පාට වලින් තොරව පැවැත්විය යුතු නම් පළමුවෙන්ම කරන්නට තිබුණේ අදාළ වැඩසටහන සඳහා විපක්ෂයටත් ආරාධනා කිරීම බවගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම අනෙක් ආණ්ඩු කළා වගේ මේ අයත් දේශපාලනීකරණය කරමින් ඉන්නවා.මේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට දේශපාලන පක්ෂ පාට වලින් තොරව එකතු වෙන්න අවශ්‍ය නම් ඔබ පළමුවෙන්ම කරන්නට තිබුණේ අදාළ වැඩසටහන සඳහා විපක්ෂයේ අපටත් ආරාධනා කිරීමයි.විපක්ෂ නායකතුමාට ආරාධනා කිරීමයි.නමුත් ඔබ උත්සාහ කළේ මේ මත්ද්‍රව්‍ය විපක්ෂයට දාන්න.මේ මත්ද්‍රව්‍ය එන්නේ විපක්ෂය හින්දා කියලා ඒත්තු ගන්වන්න.ඔබ නිරන්තරයෙන්ම දේශපාලනඥයන්ට ඇඟිල්ල දිගු කළා.පාතාලෙට සම්බන්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉන්නවා නම් වහාම ඔවුන් නම් කරන්න.ඒ වගේම ඔවුන්ට උපරිම දඬුවම් ලබා දෙන්න.එහෙම දඬුවම් දෙන්න විපක්ෂයේ අප සියලුම දෙනා උපරිම සහාය දෙනවා.මත්ද්‍රව්‍ය වුවදුර තුරන් කිරීමට ඔබලා ගෙනයන වැඩපිළිවෙලට අපටත් සහයක් දෙන්න හැකි නම් අප එය කරනවා.හැබැයි මේක මාධ්‍ය සංදර්ශනයක් බවට පත්වුණා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (2)

මත්ද්‍රව්‍ය මර්දන වැඩේට විපක්ෂයට ආරාධනා කළේ නෑ

සමන් විමල් Tuesday, 18 November 2025 04:40 PM

විපක්ෂය මොටද? අහුවෙන තරමක් ආණ්ඩුවේ උන්නේ...

:       7       2

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 18 November 2025 04:55 PM

කොකේන් ගහලා පාර්ලිමේන්තුවේ ඩෙඟා නටන එවුන්ට මොන ආරාධනාද?

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 898 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site