IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ආණ්ඩුවේ මන්ත්‍රීන්ටත් ආරක්ෂාව ඕනෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් නොව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂාවක් තිබිය යුතු බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:- (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

වෙඩි තැබීම් එන්න එන්නම වැඩි වෙනවා.මහජන ආරක්ෂාව ගැන අප වැඩි අවධානයක් යොමු කරන්න ඕන.ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙක් මරා දැම්මා.විපක්ෂයේ විතරක් නෙමෙයි ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂාවක් තිබිය යුතුයි. බුදුපිළිම සිද්ධිය ගැන හොයා බලන්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ගියාම එතුමන්ලට මිනිස්සු කෑ කෝ ගහලා බැනලා එලව ගත්තා.ඒ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් තිබුණා නම් ඒ පණිවිඩයත් එක්ක එතැන සුබවාදී ස්වරූපයක් අපට දකින්න හැකි වෙනවා.මේ වන විට පොලිසියේ නිලධාරීන් අසූ දෙදාහක් ඉන්නවා.එම නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් නැහැ.බොහෝ විට පරණ කාලේ හදපු පොලිසි තියෙන්නේ.කොයි වෙලේ වහල ඔලුවට කඩා වැටේවිද දන්නෑ. ගොඩක් පොලිසි එහෙමයි. ඒ පොලිසි වල වැඩි දියුණුව වෙනුවෙන් කටයුතු කළ යුතුයි.

පොලිස් නිලධාරින් ලොකු කැපවීමක් කරනවා.ඒ අතරතුර ආණ්ඩු සතුටු කරන්න යන නිලධාරීන් ද ඉන්නවා.නමුත් වැඩි බහුතරයක් එහෙම නෑ.ඔවුන්ගේ වගකීම් ඉටු කරන්න නම් මානසික මට්ටම් හැදිය යුතුයි.ඒ නිසා ඔවුන්ගේ අවශ්‍යතා ගැන සලකා බලන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (1)

ආණ්ඩුවේ මන්ත්‍රීන්ටත් ආරක්ෂාව ඕනෑ

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 18 November 2025 04:57 PM

පන පලයං ලබන පෙරේදා කිව්වාලු...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 898 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site