අලුත්ගම උත්සව ශාලාවක සේවකයින් 12 කට කොරෝනා අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 35දෙනෙකු වෙනුවෙන් සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් පුද්ගලයන් 12 දෙනෙකු කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී ඇතැයි අලුත්ගම පොලිසියේ කොවිඩ් පැතිර යාම වැළක්වීමේ ඒකකයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ අද(25) සදහන් කළහ. 25 January 2021
නාන්න ගිය ගිය සාමනේර හිමි අතුරුදන් ගාල්ල කොටුව ප්‍රදීපාගාරය අසළ මුහුදේ නෑමට ගිය සාමණේර හිමිනමක් අද (25) දහවල් මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 25 January 2021
සමගි ජනබලවේගයේ සභාපති තනතුර සරත් ෆොන්සේකාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජනබලවේගයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (25) පත්කරනු ලැබීය. 25 January 2021
මල්වර උත්සව - මළගෙදර ගැටුමෙන් 3 ක් රෝහලේ : 18 ක් පොලිසියේ දඹුල්ල. කණ්ඩලම, කැප්පැල ප්‍රදේශයේ අවමගුල් ගෙදරක පිරිසක් සහ මල්වර වූ දියණියකගේ උත්සවයක් පැවැත් වූ නිවසක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තවත් 18 දෙනකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි. 25 January 2021
රංජන්ට ජනපති සමාව ඉල්ලා ගාලුමුවදොරදී උද්ඝෝෂණයක් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමයක මහතාට ජනාධිපති සාමාව ලබාදෙන ලෙසත්, ඒ මහතාට දී ඇති දඬුවම ලිහිල් කරන ලෙසත් ඉල්ලා සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරීහු පිරිසක් අද(25) කොළඹ ගාලුමුවදොර උද්ඝෝෂණ පැවැත්වීමට ඇති ස්ථානයේදී නිහඬ උද්ඝෝෂණයක යෙදුණහ. 25 January 2021
විහාරස්ථාන භූමියක නිධන් හාරති බකමූණ පොලිස් වසමට අයත් ජඹුරේවෙල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථාන භූමියෙක නිධන් හාරමින් සිටි චීවරධාරියෙකු, කට්ටාඬියෙකු ඇතුළුව පුද්ගලයෝ 05 දෙනෙකු අද (25)අත් අඩංගුවට ගත් බව දියබෙදුම පොලීසිය කියයි. 25 January 2021
මෙරට නිෂ්පාදිත ගිනි අවි 8 ක් සමඟ පුද්ගලයින් 8ක් අත්අඩංගුවට නීතිවිරෝධි ලෙස සන්තකයේ තබා ගත් මෙරට නිෂ්පාදිත ගිනි අවි 8ක් සමග පුද්ගලයින් අට දෙනකු පොලොන්නරුව දිඹුලාගල සොරිවිල ගම්මානයේ කල හදිසි සොදිස්සි මෙහෙයුමකදි අද (25) දින අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 25 January 2021
නාඳුනන තුවක්කුරුවකුගේ වෙඩි තැබීමකින් ධීවරයෙක් මරුට පානදුර උතුර පල්ලිමුල්ලදී සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී ත්‍රි රෝද රථයකට කළ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් ගත් පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 25 January 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොරෝනා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා-19 ආසාදනය වී ඇති බව තහවුරු වු බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ ඉහල නිලධාරියෙක් පැවැසීය. 25 January 2021
නිරෝධායන නීති නොතකා සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිහින් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය සැකකාරියන් දෙදෙනෙකු අද(25) අලුයම අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි. 25 January 2021
කල්මුනේ අගුලු අරී - මැල්කොනියට, පල්ලියකොටුවට, ගල්හින්නට අගුලු කල්මුණේ උතුර සහ දකුණු ග්‍රාම නිලධාරි කොට්ඨාසවල තෝරාගත් පෙදෙස්වල අද(25) උදෑසන 6.00 සිට හුදකලා බව ඉවත් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 25 January 2021
තවත් කොරෝනා මරණ 3 ක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 January 2021
අද දිනයට ආසාදිතයන් 841 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 492 දෙනෙකු අද (24) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 9.00 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 24 January 2021
400 ක් නිරෝධායනයට යැවූ මංගල උත්සව දෙකක් හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පැවැති විවාහ මංගල මංගලෝත්සව දෙකකට සහභාගී වූ එක් මනාල යුවළකට, කොරෝනා ආසාදනය වී ඇති බවත් අනෙත් මනාල යුවළ ස්වයං නිරෝධානයට ලක් කළ බවත් හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය. 24 January 2021
ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කරයි ප්‍රදේශ කිහිපයක් අද සවස 6 සිට හුදකලා බවින් නිදහස් කිරීමට සහ තවත් ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. වැඩිදුර තොරතුරු සඳහන් නිවේදනය පහත දැක්වෙයි. 24 January 2021
සියලුම දුම්රිය හෙට සිට ධාවනයට කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව ධාවනය නතර කර තිබූ දුර ගමන් දුම්රිය සේවා ඇතුලු සියලුම දුම්රිය වාරයන් හෙට (25) සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය. 24 January 2021
බස්නාහිර පාසල්වලින් කොටසක් 15 වැනිදා විවෘත කරන්න යයි බස්නාහිර පළාතේ පාසල්වලින් කොටසක් ලබන මස 15 වැනිදා සිට විවෘත කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. 24 January 2021
රත්රන් පතලක සිරවී සිටි චීන කම්කරුවෝ 11 ක් බේරාගනිති චීනයේ ෂැන්ඩොං පළාතේ රත්රන් පතලක සති දෙකක් තිස්සේ සිරවී සිටි කම්කරුවන්ගෙන් 11දෙනකු බේරාගෙන ඇති බව එරට රාජ්‍ය මාධය වාර්තා කරයි. 24 January 2021
සමගි ජන බලවේගයේ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට සමගි ජන බලවේගයේ මංගල කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී හෙට(25) පෙරවරු 10.00 ට රැස්වේ. 24 January 2021
නැ’හිර ජැටිය බදුදෙනවාට ඇමැති ප්‍රසන්නගෙන් විරෝධයක් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට තමාද විරුද්ධ යැයිද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 24 January 2021
කවුරු විරුද්ධ වුණත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දෙනවා කවුරු විරුද්ධ වුණත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බදු දෙන බවත් එය රජයේ ස්ථාවරය බවත් ග්‍රාමීය මාර්ග සංවර්ධන හා අවශේෂ පහසුකම් පිළිබද රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා (24දා) වත්තල කෙළවරපිටියේදී පැවසීය. 24 January 2021
කොරෝනා අනුරාධපුර බන්ධනාගාරයටත් රිංගයි අනුරාධපුර බන්ධනාගාරයෙන් අද (24)දින කොරෝනා රෝගියෙකු වාර්තාවු බව අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිමල් ආරියරත්න මහතා පැවසිය. 24 January 2021
කොළඹ වරායේ ආනයනික නිෂ්කාෂණ කටයුතු විද්‍යුත් ගෙවීම් ලෙස සිදු කිරීමට පහසුකම් කොළඹ වරායේ සියලු ආනයන නිෂ්කාෂණ කටයුතු අන්තර්ජාල පහසුකම යටතේ විද්‍යුත් ගෙවීම් ලෙසින් සිදු කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගෙන තිබේ. 24 January 2021
මත්කුඩු පිරවූ ටෙනිස් බෝල කන්දකාඩුවටත් පියාඹයි බන්ධනාගාර කිහිපයක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් රඳවා සිටින වැලිකන්ද කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට මත්ද්‍රව්‍ය පිරවූ ටෙනිස්බෝල දෙකක් විසිකර තිබියදි සොයාගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 24 January 2021
කොරෝනා කාලේ රත්නපුරේ පුරන් කුඹුරු 5500 ක් අස්වද්දයි කොරෝනා උවදුර හමුවේ 2020 වර්ෂයේ යළ මහ දෙකන්නයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 5500ක් පමණ අස්වැද්දිමට කටයුතු කළ බව රත්නපුර දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් ඩබ්.ජී.සී.බී. කුමාරි මහත්මිය පැවසුවාය. 24 January 2021
නොදිරන අපද්‍රව්‍ය ටොන් 150 ක් කෙරවලපිටියට කරදියාන කසළ අංගනයට පළාත් පාලන ආයතන වලින් රැගෙන එන නොදිරන අපද්‍රව්‍ය ටොන් 150ක් කන්ටේනර් පෙට්ටි 8 ක පුරවා කෙරවලපිටිය විදුලි ව්‍යාපෘතියට දිනපතා යැවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරුම මහතා පැවසීය. 24 January 2021
නිධන් හැරූ 7 ක් අත්අඩංගුවට වීදිය බණ්ඩාර රජ්ජුරුවන් සැඟ වූ බව කියන නිධන් සොයා බදුරලිය බොල්ලුන රක්ෂිතයේ පුවක් දොල ඇල්ලේ පිහිටි විශාල කලු ගලක කැණීම් කරමින් සිටී පුද්ගලයන් හත් දෙනෙක් අද 24 අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ අංක එක ඒකකය කියයි . 24 January 2021
අනුරාධපුර ගම්මානයකට සංචරණ සීමා අනුරාධපුර, දේවානම් පියතිස්සපුර පළමු පියවරේ පදිංචි පුද්ගලයන් දස දෙනෙකුට කොරෝනා රෝගය වැළදිමේ හේතුවෙන් එම ප්‍රදේශයේ සංචරණය සිමා කිරිමට අද (24)දින සිට සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගන්නා ලදි. 24 January 2021
අදත් කොරෝනා රෝගීන් 724ක් අද (23) පෑලියගොඩ කෝවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 344 දෙනෙකුටද , බන්ධනාගාර කෝවිඩ් පොකුරේ 09 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ. 23 January 2021
අවිආයුධ සැඟවූ නාවික හමුදා සෙබලා දැලේ ගම්පහ යක්කල පාරේ වෙළඳ සැලක් වටලා එහි සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ආරක්ෂක අංශ මගින් පරිහරණය කරන රාත්‍රී දුරදක්නයක් හා ටී 56 ජීව උණ්ඩ 38 ක් සමඟ හිටපු නාවික හමුදා සෙබලෙක් අද (23) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා මෙහෙයුම් අංශය පවසයි. 23 January 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026