(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කොටුව ප්‍රදීපාගාරය අසළ මුහුදේ නෑමට ගිය සාමණේර හිමිනමක් අද (25) දහවල් මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ පෝද්දල බලගොඩ විහාරස්ථානයේ වැඩ සිටි හැගොඩ සුමණ නමැති 17 හැවිරිදි සාමනේර නමකි.
උන්වහන්සේ තවත් හිමිවරුන් තිදෙනෙක් සමඟ මුහුදේ නෑමට පැමිණ වෙරලේ බෝලයකින් සෙල්ලම් කරමින් සිටියදී බෝලය වතුරට වැටිමෙන් එය ගැනිමට ගිය අවස්ථාවේ දිය පහරකට හසුව ගසාගෙන ගොස් ඇත.
සිරුර සොයා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් සහ ජිවිතාරක්ෂක කණ්ඩායම් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතන එහෙම අනතුරුදායක තැනක් නොවන බැවින් මෙහි වෙනත් කතාවක් තිබිය හැකිය.