IMG-LOGO

කොරෝනා කාලේ රත්නපුරේ පුරන් කුඹුරු 5500 ක් අස්වද්දයි

(අජිත්ලාල් ශාන්තඋදය )
 
කොරෝනා උවදුර හමුවේ  2020 වර්ෂයේ යළ මහ දෙකන්නයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 5500ක් පමණ  අස්වැද්දිමට කටයුතු කළ බව රත්නපුර දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් ඩබ්.ජී.සී.බී. කුමාරි මහත්මිය පැවසුවාය.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවති රත්නපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටව අමතමින් කුමාරි මහත්මිය මේ බව පැවසුවාය.

ගියවසරේ යල් කන්නයේදී කුඹුරු අක්කර 31,598ක් සහ මාස් කන්නේය දී කුඹුරු අක්කර 32,051ක් වගා කළ බවද නියෝජ්‍ය කොමසාරිස් ඩබ්.ජී.සී.බී. කුමාරි මහත්මිය පෙන්වා දුන්නාය. දෙකන්නය තුළදී රජයේ පොහොර සහනාධාරය යටතේ යුරියා, එම්ඕපී සහ ටී එස් පී පොහොර මෙට්‍රික් ටොන් 6290ක් නිකුත් කර ඇති බවද කීවාය.

ඒ අනුව යූරියා මෙට්‍රික් ටොන් 3885ක්ද, ටී එස් පී මෙට්‍රික්ටොන් 580ක් හා එම්ඕපී  මෙට්‍රික්ටොන් 1,823ක් නිකුත් කර ඇති බවද නියෝජ්‍ය කොමසාරිස්වරිය පෙන්වා දුන්නාය.
ගිය වසරේ දී සෞභාග්‍යා ගෙවතු සංවර්ධන වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කය තුල බීජ කට්ටල 84154ක් බෙදාදී ඇති බවද පෙන්වා දුන් ඇය 2021 වර්ෂයේ යල් කන්නයේ දී තවත් පුරන් කුඹුරු අක්කර 1500ක් වගාකිරිමට සැලසුම් කර ඇතැයි ද කීවාය.

ගියවසරේ මාස් කන්නයේ වගාවන් මේවනවිට පීදෙන තත්ත්වයක පවතී. වෙනත් වර්ෂවලට වඩා වැඩි වර්ෂාවක් සහ ආද්‍රතාව වැඩි කාලගුණ තත්ත්වයක් පැවතීම නිසා ඇතැම් කුඹුරුවලින් පළිබෝධහානි වැඩිපුර වාර්තාවිය.

කොළ හකුලුවන දළඹුවා, පුරුක් පණුවා, කොළපාලුව, මළකඩ විෂ වීම, ගොයම් මැස්සා ආදී පලිබෝධ හානිය මේ තත්ත්වය නිසා බොහෝ කුඹුරුවලට බලපෑම කර ඇත.

 

 



අදහස් (1)

කොරෝනා කාලේ රත්නපුරේ පුරන් කුඹුරු 5500 ක් අස්වද්දයි

gamini fonseka melbourne, australia Sunday, 24 January 2021 11:09 PM

අහන්න සතුටු පුවතක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 239 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site