
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තිලකරත්න දිසානායක)
ගම්පහ යක්කල පාරේ වෙළඳ සැලක් වටලා එහි සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ආරක්ෂක අංශ මගින් පරිහරණය කරන රාත්‍රී දුරදක්නයක් හා ටී 56 ජීව උණ්ඩ 38 ක් සමඟ හිටපු නාවික හමුදා සෙබලෙක් අද (23) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා මෙහෙයුම් අංශය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව එකම අංකයකින් නිකුත් කරන ලද රියදුරු බලපත්‍ර 02ක් මෙන්ම නාවික හමුදාවෙන් නිකුත් කළ රාජකාරී හැඳුනුම්පතද තිබූ බව පොලිසිය කියයි.
(ඡායාරූපය - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයටද රණවිරුවන්... කියන්නේ? ඔය වගේ තමයි ළමයි අල්ලන් ගිහිල්ලා කප්පම් අරගෙන අන්තිමට අහිංසකයින්ව මරලා දැම්මේත්...
හොර වැඩ කරන්න ට්‍රේන් වෙලා ඇවිත් වගේ.. මංකොල්ල කාරයෙක්...