(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර, දේවානම් පියතිස්සපුර පළමු පියවරේ පදිංචි පුද්ගලයන් දස දෙනෙකුට කොරෝනා රෝගය වැළදිමේ හේතුවෙන් එම ප්‍රදේශයේ සංචරණය සිමා කිරිමට අද (24)දින සිට සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගන්නා ලදි.
පසුගිය 21 වන දින සිට නිරාවිය මහ විදුහල සහ අලි අස්වර් මුස්ලිම් විද්‍යාලයද වසා දමා තිබේ.
දේවානම් පියතිස්සපුර පදිංචි පුද්ගලයන් හය දෙනෙකුට සහ කාන්තාවන් සිවු දෙනෙකුට කොරෝනා වැළදි ඇති බවට සිදුකළ පිසිආර් පරික්ෂණයේදි තහවුරැවි ඇතැයි මධ්‍යම නුවරගම් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් ඒකනායක මහතා පැවසිය.
මොවුන් අනුරාධපුර මහ නගර සභාවේ සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතින්ය.
කොරෝනා ආසාධිතවු කාන්තාවන් සිවු දෙනා නොච්චියාගම රෝහලටද අනෙක් පුද්ගලයන් හය දෙනා ප්‍රතිකාර සදහා පුනානි වෛද්‍ය මධ්‍යස්ථානයටද ඇතුළත් කොට තිබේ.
නිරාවිය ප්‍රදේශයේ නිරෝධායනයට ලක් නොකල පුද්ගලයන් පනස් දෙනෙකු සදහා පිසිආර් පරික්ෂණ සිදුකර ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් ඒකනායක මහතා පැවසිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අනුරාධපුර ගම්මානයකට සංචරණ සීමා