චීනයේ ෂැන්ඩොං පළාතේ රත්‍රන් පතලක සති දෙකක් තිස්සේ සිරවී සිටි කම්කරුවන්ගෙන් 11දෙනකු බේරාගෙන ඇති බව එරට රාජ්‍ය මාධය වාර්තා කරයි.
බේරාගත් කම්කරුවන් දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බැවින් ඔවුන් වහාම රෝහල් ගතකිරීමට කටයුතු කළ බව බලධාරීහු පවසති.
පසුගිය 10 වනදා හුෂාන් රන් පතලේ උමගක් පිපිරී යෑම හේතුවෙන් මෙම කම්කරුවෝ මීටර් 600ක් පමණ ගැඹුරේ සිරවී සිටියහ.
පිපිරීමෙන් පසු කම්කරුවන් 22දෙනකුට සිදුවූ දේ සම්බන්ධව කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වූ නමුත් සතියකට පමණ පසු කම්කරුවන් 12 දෙනකු ජීවත්ව සිටින බවට තොරතුරු ලැබී තිබිණි.
පසුව සන්නිවේදන මාර්ගයක් ස්ථාපිත කරන ලද අතර පටු අතුරු වළක් හරහා ආහාර හා ඖෂධ ඔවුන් වෙත යවන ලදී.
කෙසේ වුවද දින කිහිපයකට පසු දැනගැනීමට ලැබී ඇත්තේ දුර්වල තත්ත්වයේ සිටි එක් කම්කරුවෙකු මියගිය බවයි.
අද(24) උදෑසන පළමු කම්කරුවා පිටතට ගත් බවත් ඉන් පැයකට පමණ පසු ඉතිරි කම්කරුවන් 10දෙනා බේරාගත් බවත් චීන බලධාරීහු පවසති. ඉන් එක් අයෙකු තුවාල වී සිටි බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ.
පිපිරීමෙන් පසු පතලේ අතුරුදන්වූ තවත් 10 දෙනකු සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.
(බීබීසී ඇසුරිණි)
085
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රත්‍රන් පතලක සිරවී සිටි චීන කම්කරුවෝ 11 ක් බේරාගනිති