IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


400 ක් නිරෝධායනයට යැවූ මංගල උත්සව දෙකක්


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ කේ. බුද්ධික කුමාරසිරි)

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පැවැති විවාහ මංගල මංගලෝත්සව දෙකකට සහභාගී වූ එක් මනාල යුවළකට,  කොරෝනා ආසාදනය වී ඇති බවත් අනෙත් මනාල යුවළ ස්වයං  නිරෝධානයට ලක් කළ බවත් හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය.

ඒ අනුව මංගලෝත්සව දෙකෙහි උත්සව අවස්ථා හතරකට  සහභාගීවූ 400 ක් ආසන්න පිරිසක් (24) දා  ස්වයං නිරෝධායනයට ලක් කළ බව ප්‍රියන්ත විජේසූරිය මහතා වැඩිදුරටත් කීය.

කඩුවෙල රණාල ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති  මංගල උත්සවයේ මනාල යුවළට  මෙසේ කෙරෝනා  ආසාදනය වී ඇති බවත් හෝමාගම පිටිපන ප්‍රදේශයේ උත්සව ශාලාවක  පැවැති විවාහ උත්සවයේ  යුවළ  ස්වයං නිරෝධායනයට  ලක්කර ඇති බවත් පැවසේ.

වටරැක ප්‍රදේශයේ පදිංචි තරුණියක් හම්බන්තොට ප්‍රදේශයේ තරුණයෙකු සමඟ විවාහ ගිවිස ගැනීම වෙනුවෙන් පැවති උත්සවය  කඩුවෙල රනාල ප්‍රදේශයේ උත්සව ශාලාවක පසුගියදා  පැවති අතර දෙවෙනි දවසේ උත්සවය පාදුක්ක කිතුල් කන්ද ප්‍රදේශයේ උත්සව ශාලාවක තිබී ඇති  බව පැවසේ.

මෙම අවස්ථා දෙකටම 300 ක පමණ පිරිසක් සහභාගි වී ඇති අතර එම අවස්ථා දෙකටම සහභාගී වීමට නොහැකි වූ තවත් 26 දෙනෙකුට සංග්‍රහ කිරීමේ අවස්ථාවක් වටරැක ප්‍රදේශයේ මනාලියගේ නිවසේ පවත්වා  ඇති අතර පසුව මධුසමය සඳහා යුවළ   නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයකට ගොස් ඇතැයි පැවසේ.

එහිදී දෙදෙනාට ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් සිදුකළ පී.සී.ආර්  පරීක්ෂණයේදී යුවලට  කොරෝනා වෛරසය  ආසාදනය වී ඇති බවට ඊයේ 23  තහවුරු වී තිබූ බව පැවසේ.

ඒ අනුව යුවල ප්‍රතිකාර සඳහා  නුවරඑළිය ප්‍රාදේශීය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළු කරකොට සිද්ධිය සම්බන්ධයෙන්  එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හෝමාගම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කළ බව  කියයි.

ඒ අනුව ආසාදිත යුවළ පැවැත්වූ උත්සව තුන සඳහා සහභාගි වූ 325 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් අතර ඔවුන් ඉදිරියේදී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය.

මේ පිරිස කඩුවෙල හෝමාගම පාදුක්ක කහතුඩුව පිළියන්දල සහ මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශවල පදිංචි කරුවන්  බව පැවසේ.



අදහස් (2)

400 ක් නිරෝධායනයට යැවූ මංගල උත්සව දෙකක්

Buddhika Sunday, 24 January 2021 01:50 PM

කෝවිඩ් ආසාධිත වූ අය නිරෝධායනයට යවන්නේ මොන රටේද?

:       0       1

පොඩි මල්ලි Monday, 25 January 2021 05:51 AM

මෙච්චර සෙනග ගොඩක් එක්ක මගුල් තියන්න අවසර දීපු හරකා කවුද කියලා හොයන්න ඕනෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31524 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13862 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11071 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1072 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site