IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අලුත්ගම උත්සව ශාලාවක සේවකයින් 12 කට කොරෝනා

(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 35දෙනෙකු වෙනුවෙන් සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් පුද්ගලයන් 12 දෙනෙකු කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී ඇතැයි අලුත්ගම පොලිසියේ කොවිඩ් පැතිර යාම වැළක්වීමේ ඒකකයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ අද(25) සදහන් කළහ.
 
මෙම උත්සව ශාලාවේ (24) වන දින 150දෙනෙකු සහභාගී වූ විවාහ මංගල්‍යක් පැවති බවත් , එම උත්සවය පවත්වන අතර තුර සේවක පිරිස් එම උත්සව ශාලාවේ උඩු මහළට රැගෙන ගොස් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කර තිබේ.
 
මෙම උත්සව ශාලාව පරිශ්‍රයේම සිදු කෙරෙන නව ඉදි කිරීම් ගොඩනැගිල්ලක කම්කරුවන් පිරිසක් ද එම අවස්ථාවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට යොමු කර තිබුණද එම කම්කරුවන් කිසිවෙකුත් කොවිඩ් 19 ආසාදනය වී නොමැත.
 
ආසාදිත පුද්ගලයන් අතර උත්සව ශාලාවේ කළමනාකරු හා ප්‍රධාන සූපවේදියා ඇතුළු සේවකයින් 12 දෙනෙකු රැපිඩ් පරීක්ෂාවෙන් හදුනාගැනීමට හැකි වූ අතර සෙසු සේවකයින් නිරෝධායනයට යොමු කර තිබෙන බව කියයි.
 
 
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තමර කළුබෝවිල මහතා මේ පිළිබදව අද(25) අදහස් දක්වමින් සදහන් කළේ මෙම උතසව ශාලාවේ විවාහ මංගල්‍යට පැමිණි පිරිස මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් බැවින් ඒ පිළිබදව එම කාර්යාලයට දැනුම් දෙන ලෙසත් ආසාදිත සේවක පිරිස හමුවූ අලුත්ගම ප්‍රදේශයේ උත්සව ශාලාව සෞඛ්‍ය උපදෙස් මත වසා දැමීමට කටයුතු කරන්නැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළ බවත්ය.
 
(24) දින පහළ මහළේ පැවති විවාහ මංගල්‍යට 150ක පමණ පිරිසක් පැමිණ සිට ඇතැයි නිලධාරීන් අනාවරණය කරයි.
 
කළුතර ජාතික සෞඛ්‍ය වෛද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ සිංහබාහු මහතා ඇතුළු පිරිසක් මෙම සේවක පිරිස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට යොමුකර තිබෙන අතර අද(25) ආසාදිත පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට නියමිතය.
               



අදහස් (0)

අලුත්ගම උත්සව ශාලාවක සේවකයින් 12 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site