( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වීදිය බණ්ඩාර රජ්ජුරුවන් සැඟ වූ බව කියන නිධන් සොයා බදුරලිය බොල්ලුන රක්ෂිතයේ පුවක් දොල ඇල්ලේ පිහිටි විශාල කලු ගලක කැණීම් කරමින් සිටී පුද්ගලයන් හත් දෙනෙක් අද 24 අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ අංක එක ඒකකය කියයි .
වැටලීම සිදුකරන අවස්ථාවේ දී කපුවා යැයි කියා ගන්නා පුද්ගලයා පලාගොස් ඇතැයි පොලිසිය කියයි .
එම පුද්ගලයන් පැමිණි බව කෙරෙන මෝටර් රථ දෙකක් ,යන්ත්‍ර මන්ත්‍ර පොත්, පූජා වට්ටි , ත්‍රිශූල,සහ කපුවා පළඳින ඇඳුම් පැළඳුම් සහ තවත් පූජා භාණ්ඩ රැසක් පොලිස් බාරයට ගෙන ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd