(රේඛා තරංගනී ෆොන්සේකා)
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය සැකකාරියන් දෙදෙනෙකු අද(25) අලුයම අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.
ආරක්ෂිත විධිවිධාන උල්ලංඝනය වන ආකාරයට පවත්වාගෙන ගිය බව කියන මෙම ම්භාහන මධ්‍යස්ථානය පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.
මොරටුව ලුනාව ප්‍රදේශයේ තාවකාලික කුලී පදනම මත ලබාගත් දෙමහල් නිවසක මෙම සම්භාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත.ඇතුලුවීමේ ගාස්තු රුපියල් 3000ක් ලෙසත් සේවා සැපයුම් සඳහා රුපියල් 2000ක් වන ලෙසත් පාරිභෝගිකයන්ගෙන් රුපියල් 5000ක මුදලක් ලබාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් පොළොන්නරුව,අනුරාධපුරය යන ප්‍රදේශයන්හි පදිංචිකාරියක් බව සඳහන් කරන පොලිසිය මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 5000 නම් හොඳටම වැඩියි...
ඔය වගේ ඇඩ්ස් ඕනෑ තරම් තියෙනවා.
ලංකාවට විතරයි.., ඕවා නීති විරෝධී...
මුඛවාඩම අනිවාර්යයි...!