(ක.ග.කරුණාරත්න)
බකමූණ පොලිස් වසමට අයත් ජඹුරේවෙල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථාන භූමියෙක නිධන් හාරමින් සිටි චීවරධාරියෙකු, කට්ටාඬියෙකු ඇතුළුව පුද්ගලයෝ 05 දෙනෙකු අද (25)අත් අඩංගුවට ගත් බව දියබෙදුම පොලීසිය කියයි.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ බකමූණ ජයසිරිපුර ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයෙක වැඩ වසන හිමි නමක් සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 04 දෙනෙකි.
පොලීසියට ලැබුණු තොරතුරක් මත එම ස්ථානයේ වැටලීම සිදුකර ඇති අතර ඒ අවස්ථාවේ කට්ටාඬියා මල් බුලත් තට්ටුව,සුවඳ දුම්,දෙහි ගෙඩි ආදිය තබාගෙන මන්තර ජප කරමින් සිටි බව පොලීසිය පැවැසීය.
මේ සම්බන්‍ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට සහ අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම සඳහා සැකකරුවන් බකමූණ පොලීසියට බාරදී තිබේ.
බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd