රන් ආලේපිත ගිනි අවියට, හිටපු ඇමැති දුමින්දට අධි චෝදනා රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට සහ කාන්තාවකට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදුන් කොලඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඔවුන් දෙදෙනා ඇප මත මුදාහැරීමට නියම කළේය. 10 September 2026
’’සහතික එපා - රන්වල පුටුවේ වාඩි කරන්න’’ සහතික ගැන තමන් ප්‍රශ්න කරන්නේ නැතැයිද කලින් හිටපු රන්වල කතානායක පුටුවේ වාඩි කරවන්නැයිද කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 10 September 2026
උතුරු කොරියා නායකයාට තවත් දරුවෙක් උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ පවුලේ තවත් සාමාජිකයකු ගැන අනාවරණය කර ගැනීමට දකුණු කොරියානු බුද්ධි අංශ සමත් වී ඇත. 10 September 2026
22 ගැන විවාදයට දින නියම කරයි විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සැප්තැම්බර් 24 සහ 25 විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. 10 September 2026
රට පුරා වැඩ සතියක් 2026 පළාත් පාලන සතිය නිමිත්තෙන් රට පුරා වැඩසටහන් 4,000කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. 10 September 2026
කාන්තා කමිටුව අහෝසි වී බලය වැඩි කොමිසමක් එයි කාන්තා කමිටුව අහෝසි කර පිහිටුවන කාන්තා කොමිසමට කාන්තාවන්ගේ ප්‍රශ්න සඳහා නීතියෙන් මැදිහත් වීමට පූර්ණ බලය ලැබෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 10 September 2026
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් කතක් රෝහලට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ 55 කණුව ප්‍රදේශයේදි කාන්තාවක් පදවා ගෙන යමින් සිටි මෝටර් රථයක් පිටුපස ලංගම බස් රථයක් ගැටී අද (10) සිදු වූ අනතුරකින් එම කාන්තාව තුවාල ලබා රෝහල් ගත කළ බව කුරුඳුගහ හැතැක්ම අනුපාලක මධ්‍යස්ථානය සඳහන් කරයි 10 September 2026
කතානායක ගැන කතා කිරීමට ඉඩ නොදුන්නැයි විපක්ෂ මන්ත්‍රීවරු මැති සබයේ විරෝධයක කථානායකවරයාට එරෙහිව පැවැත්වෙන අල්ලස් කොමිසමේ විමර්ශනය සම්බන්ධයෙන් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කතා කරද්දි කතානායකවරයා ඊට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධයක නිරතවීමෙන් පාර්ලිමේන්තු සභාගර්භයේ උණුසුම් තත් වයක් ඇති විය. 10 September 2026
කටුගොඩ වෙරළේ මාළු කඩ ඉවත් කරයි ගාල්ල කටුගොඩ වෙරල තිරයේ තිබූ අනවසර ඉදි කිරිම් වෙරළ සංරක්ෂණ දෙපාරතමේන්තුව විසින් කඩා ඉවත් කරණ ලදී. 10 September 2026
Foldable iPhone එයි ඇපල් සමාගම සිය පළමු Foldable iPhone ස්මාට් ෆෝන් දුරකතනය එළිදක්වා ඇත. මෙය iPhone Duo ලෙස නම් කර ඇත. මෙය පොතක් මෙන් දෙපසට නැමිය හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. 10 September 2026
කොරියා ජනපති සිවු දිනක් ප්‍රංශයේ සිවුදින නිල සංචාරයක් ආරම්භ කරමින්, දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුංග් සහ බිරිඳ ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියහ. ඒ ප්‍රංශය සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 40 ක් සපිරීම නිමිත්තෙනි. 10 September 2026
හසීනාගේ දියණියටත් දූෂණ වංචා චෝදනා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය ප්‍රධානියා ලෙස කටයුතු කරන සයිමා වසේඩ් සිය තනතුරෙන් ඉල්ලා අස්වූවාය. ඒ ඇයට එල්ල වූ දූෂණ වංචා චෝදනාවක් නිසාය. 10 September 2026
මැතිවරණයෙන් පසු ඉරාන යුද්ධය අවසන් වේවි ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය, ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වෙයි. මෙය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමක් වනු ඇත. ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ නොවැම්බර් 3 වැනිදා පැවැත්වෙන මධ්‍ය වාර මැතිවරණයෙන් පසු ඇමෙරිකා ඉරාන යුද ගැටුම වහාම අවසන් වනු ඇති බවය. 10 September 2026
සෙලෙන්ස්කී ඩ්‍රෝන ප්‍රහාරයකින් නූලෙන් බේරෙයි යුක්රේන ජනාධිපතිවරයා ගමන් කරමින් සිටි ගුවන් යානයට රුසියන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමට ගිය බවත්, යුක්රේන ජනාධිපතිවරයා සහ ගුවන් යානයේ සිටි සෙසු පිරිස අනූනවයනේ දිවි ගලවා ගත් බවත් විදෙස් මාධ්‍ය පවසයි. 10 September 2026
ඥානසාර හිමිට ජනපති දුන් පොදු සමාව බල රහිත කරයි බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ගුණසාර හිමියන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් පොදු සමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 10 September 2026
පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද සවස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස පැවැත්වේ. 10 September 2026
ජාතික ආරක්ෂක අරමුදල ගැන විශේෂ විමර්ශනයක් ජාතික ආරක්ෂක අරමුදලේ වාර්ෂික වාර්තාව ප්‍රමාදය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 10 September 2026
හබරණ බස් අනතුරින් 20ක් රෝහලට මැදිරිගිරිය අඹගස්වැව සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස්රථයක් අද අලුයම 5.00 පමණ හබරණ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් එහි ගමන් මගීන් 20 දෙනකු තුවාල ලබා හබරණ, මින්නේරිය පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි. 10 September 2026
කොහුවල නිවෙසකට අත් බෝම්බ ප්‍රහාරයක් ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු කොහුවල විමලසිරි පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි කොහුවල පොලිසිය පවසයි. 10 September 2026
සරසවි ක්‍රීඩා ඉතිහාසය රනින් ලියයි විශ්වවිද්‍යාල ඉතිහාසයේ වසර 60 ක පමණ ක්‍රීඩා ඉතිහාසය අලුත් කරමින් ලෝක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ තරගාවලියේ රන් පදක්කම් 03 ක් හා ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගැනීමට අවිඳු සස්මික හා නිපුන් ශෙහාර ක්‍රීඩකයින් සමත්ව තිබේ. 10 September 2026
කඳුරට හින්දු පූජකවරු ජනපති කාර්යාලයට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 10 September 2026
ඉන්දිය ආරක්ෂක ඇමැති සහ විපක්ෂ නායක හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා අතර සුවිශේෂ හමුවක් කොළඹ දී සිදුවිය. 10 September 2026
පළාත් කීපයකට වැසි වාර කීපයක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව නිවේදනය කරයි. 10 September 2026
හූති සටන්කාමීන්ට පාකිස්තානයෙන් රතු එළියක් සෞදි අරාබියට ප්‍රහාරයක් එල්ල වුවහොත් තුර්කිය, සෞදි අරාබිය සහ පාකිස්තානය අතර ඇති කරගත් ආරක්ෂක ගිවිසුම බලාත්මක විය හැකි බව පකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 10 September 2026
ඉරාන තෙල් නැව් පහකට ඇමෙරිකාවෙන් ප්‍රහාර ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට සම්බන්ධ ඉරාන තෙල් නැව් පහකට ඇමෙරිකානු හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය ප්‍රකාශ කළේය. 10 September 2026
2009 සිට 2016 දක්වා කාලයේ ගල්අඟුරු පාඩුව කෝටි 414යි ලංකා ගල් අඟුරු සමාගම නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ඉකුත් 2009 සිට 2016වසර හතක කාලයේ දී ගල් අඟුරු මිලදී ගැනීමේ දී සිදුවූ අක්‍රමිකතා සහ දුර්වලතා හේතුවෙන් රුපියල් කෝටි 414 කට අධික පාඩුවක් සිදුව ඇතැයි විශේෂ විගණන වාර්තාවකින් තොරතුරු අනාවරණය වී ඇත. 10 September 2026
තවත් මෙට්‍රො ඩිපෝවක් අද ඒකල දී වැඩ අරඹයි මෙරට නාගරික පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කරන ලද මෙට්‍රො බස් රථ සේවාවට පහසුකම් සැපයීමට ඉදිකරන ලද තුන්වන ඩිපෝ අංගනය ජා-ඇල, ඒකල දී අද (9) සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය. 09 September 2026
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. 09 September 2026
මහ කන්නයේ වැඩ ඔක්තෝබර් සිට එල්නිනෝ තත්ත්වයත් සමඟ සිදුවන කාලගුණික වෙනස්වීම් කෘෂිකර්මාන්තයට සෘජුවම බලපෑම් එල්ල කළ හැකි බැවින් එළැබෙන මහ කන්නයේ වගා කටයුතු ඔක්තොම්බර් මස මුල සිට ආරම්භ කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය තිරණය කර ඇත. 09 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමැති ගංගාරාමයට තෙතින නිල සංචාරයක් සඳහා දිවයින්ට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජා නාද්සිං මහතා අද පස්වරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් වල නිරත විය. 09 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026