
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සහතික ගැන තමන් ප්රශ්න කරන්නේ නැතැයිද කලින් හිටපු රන්වල කතානායක පුටුවේ වාඩි කරවන්නැයිද කොළඹ දිස්ත්රික් මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"විමර්ශනයක් යද්දී කතානායකතුමා මේ පුටුවේ රැඳී සිටීම සදාචාර නෑ. නීතිමය වශයෙනුත් ප්රශ්නයක් තියෙනවා.යම් ආයතනයක ඉහළ නිලධාරියෙක් ගැන පරීක්ෂණයක් යනවා නම් අනිවාර්යෙන්ම ඒ නිලධාරියා තාවකාලිකව ඉවත් විය යුතුයි.තමුන්නාන්සේලාගේ ආණ්ඩුව බලයට එන්න ගත්ත ජනවරම ඒක තමයි.අපි ආවාම අපේ ආණ්ඩුවේ හොරකම් සිද්ධ වෙනවා නම් අපි ඒවා අල්ලනවා යැයි බලයට එන්න පෙර මැතිවරණ වේදිකාවේ කිව්වා.බලයට ඇවිල්ලත් නීතියට උඩින් කවුරුවත් නැතැයි ජනාධිපතිතුමා කියනවා.කවුරු වැරදි කලත් විමර්ශනය කරන්න ඉඩ දෙන්න ඕන.ඒක පාර්ලිමේන්තුවේ කතා කරන්න කතානායකතුමා ඉඩ නොදීම විශාල ප්රශ්නයක්.ඒ වගේම ස්ථාවර නියෝග සම්බන්ධයෙන් අපට තිබෙන අයිතිය පිළිබඳ ප්රශ්නයක් තියෙනවා.අපි මෙතන කතා කරන් නැතුව කොහේ කතා කරන්නද?මීට කලින් හිටපු කතානායකතුමාල මේ වගේ හැසිරුණේ නැහැ.අපරාදෙ සහතිකේ නැති වුනත් කමක් නෑ රන්වල ගෙනැල්ලා මේ පුටුවේ අපිට ඉන්දන්න තිබුණා. දැන් අපි කියන්නේ සහතිකේ ඕනේ නෑ, රන්වල ගෙනැල්ලා මේකේ වාඩි කරවන්න.අපි සහතිකය ගැන අහන්නෙත් නෑ.තියෙන සහතික ටික ඇති. රන්වල ගෙනල්ල මේකෙ වාඩි කරවන්න යනුවෙන්ද මුජිබුර් රහුමාන් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd