(මනෝප‍්‍රිය ගුණසේකර)

රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට සහ කාන්තාවකට එරෙහි අධිචෝදනා පත‍්‍ර බාරදුන් කොලඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඔවුන් දෙදෙනා ඇප මත මුදාහැරීමට  නියම කළේය.

වසරක කාලයකට පෙර වැල්ලවත්ත ‘හැව්ලොක් සිටි’ නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි විත්තිකාර දෙපළට අධිචෝදනා පත‍්‍ර බාරදීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙලෙස ඇප මත මුදා හළේය.

විත්තිකාර හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට අමතරව අධිචෝදනා පත‍්‍ර බාරදීමෙන් අනතුරුව ඇප මත මුදා හරින ලද්දේ අයිගුල් ෂෙරාග්සිනා නම් කාන්තාවය.

2025 වසරේ වැල්ලවත්ත ‘හැව්ලොක් සිටි’ නිවාස සංකීර්ණයේදී රන් අලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා කොළඹ මහාධිකරණයේ අධි චෝදනා නඟා ඇත.