
(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
ගාල්ල කටුගොඩ වෙරල තිරයේ තිබූ අනවසර ඉදි කිරිම් වෙරළ සංරක්ෂණ දෙපාරතමේන්තුව විසින් කඩා ඉවත් කරණ ලදී.
මෙම අවස්ථාවේ ඒවායේ වෙළදුන් දැඩි විරෝධය පල කර සිටි අතර ඔවුන් කියා සිටියේ නගර සභාව විසින් තමන් මෙයට පෙර වෙළඳාම් කළ තැන්වලින් ඉවත්කර මෙම ස්ථාාන සාදා දුන් බවය.
එහෙත් පෙර දැනුම් දිමකින් තොරව වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ මෙසේ ඉවත් කිරිම බලවත් අසාධාරණයක් බවද ඔවුහු කියා සිටියහ.
මෙහිදි වෙරළ සංරක්ෂණ දෙපාරතමේන්තුව කියා සිටියේ අනවසර ඉදිකිරිම් ඉවත් කර ගන්නා ලෙස නිත්‍යානුකූලව මෙයට පෙර දැනුම්දි තිබු බවය.
පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය ආරක්ෂාව සපයා තිබිණ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd