ළමා සෞඛ්‍ය නංවන්න ජාතික සන්නිවේදන වැඩසටහනක් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ, ’සමාජ සහ චර්යාත්මක වෙනසක් ඔස්සේ ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ජාතික සන්නිවේදන වැඩසටහන ’ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 June 2026
පළමු ශ්‍රේණියට ළමයි දාන්න නව චක්‍රලේඛයක් රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමෙි නව චක්‍රලේඛය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 June 2026
රාජ්‍ය සේවා - විශ්‍රාමික වැටුප් කොමිෂන් ගැසට්ටුව නිකුත්වේ රාජ්‍ය සේවයේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් වී තිබෙි. 23 June 2026
දැඩි රශ්නයෙන් ප්‍රංශයේ 18ක් මිය ගිහින් යුරෝපය පුරා පැතිර යන දැඩි උණුසුම් තත්වය හේතුවෙන් ප්‍රංශයේ අවම වශයෙන් 18ක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මියගිය අය අතර ළමයින් දෙදෙනෙකුද සිටින බවත් එම ළමයින් දෙදෙනා මෝටර් රථයේ සිටියදී දැඩි රස්නය හේතුවෙන් මියගොස් ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි. 23 June 2026
එච්.සී.එෆ්.සී ශීතකරණ - වායු සමීකරණ ලංකාවට තහනම් එච්.සී.එෆ්.සී වායුව නිකුත් කරන ශීතකරණ සහ වායු සමීකරණ ලංකාවට ආනයනය කිරීම තහනම් කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාත්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 June 2026
පාර්ලිමේන්තුව විනාඩි දහයකට අත්හිටුවයි පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවයක් නිසා සභාව විනාඩි දහයකට අත්හිටුවන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නිවේදනය කළේය. 23 June 2026
ඩෙංගු තවත් වැඩිවුණොත් රෝහල්වලට දරන්න බැරිවේවි ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළ ගියහොත්, රෝහල් පද්ධතිය තුළ රෝගීන් කළමනාකාරණය කර ගැනීමට නොහැකි වන තත්වයක් උද්ගතවිය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා අනතුරු ඇඟවීය. 23 June 2026
දුම්රිය මහනුවරට මේ වසරේ අග ගමන් අරඹයි මේ වසර ඇතුළත මහනුවරට දුම්රිය ධාවනය කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය. 23 June 2026
රන්සුරැකුම් මධ්‍යස්ථානය කොල්ල කයි සිව් දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් අද අලුයම හොරණ විවිධ සේවා සුභාකාර සමිතියට අයත් ගෝනපොළ කෝරළඉම ශාඛාවේ රන් සුරැකුම් මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරියා බැඳ දමා සේප්පුවල බහා තිබූ රුපියල් කෝටි ගණනාවක රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලා ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය සඳහන් කරයි. 23 June 2026
ඥානසාර හිමිගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි ආගමික සහජීවනයට බාධා වන අයුරින් කටයුතු කිරීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නියම කළ මාස නවයක බරපතල වැඩ සහිත සිරදඬුවම ආගමික සහජීවනයට බාධා වන අයුරින් කටයුතු කිරීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නියම කළ මාස නවයක බරපතල වැඩ සහිත සිරදඬුවම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද තහවුරු කළේය. 23 June 2026
කවුරු ගියත් ලැරී එතැනමයි ලන්ඩන් නුවර අංක 10 ඩවුනිං වීදියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසින් පසුගිය වසර 10 ක කාලය ඇතුළත නික්ම යන හය වැනි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීර් ස්ටාර්මර් ය. 23 June 2026
අදත් තද වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 June 2026
අල්ලස් ගන්න ගිය පොලිස් පරීක්ෂක අල්ලස් දැලේ කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂමේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙක් සදහන් කලේය. 23 June 2026
වැට් බදු කෙටුම්පත අද විවාදයට එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2482/09 සහ 2487/02 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරනු ලැබූ නියමයන් දෙකක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2487/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි අද පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා විවාදයට ගැනීමට නියමිතය. 23 June 2026
ඩෙංගු මර්දනයට නව චක්‍රලේඛ කෙටි කාලීන ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ චක්‍රලේඛ නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ. 22 June 2026
අපනයන ආදායම වැඩි කරන්න උපරිම සහාය දෙනවා මෙරට අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය උපරිම සහාය ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ සඳහා රජයට ප්‍රතිපත්තිමය සැලසුමක් තිබෙන බවද ජනාධිපතිවරයා කීය. 22 June 2026
අස්වැසුම ප්රතිලාභ හෙට ගිණුම්වලට අස්වැසුම සුබ සාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ දෙවන අදියරට අදාල ප්‍රතිලාභී පවුල් 270 025 දෙනකුට ජුනි මස දීමනාව හෙට (23) ගිණුම් ගත කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය කියයි. 22 June 2026
බොරතෙල් බැරල් ලක්ෂ 60 විකුණන්න ඉරානයට අවසර ස්විට්සර්ලන්තයේදී පැවැති පළමු වටයේ තාක්ෂණික සාකච්ඡා සාර්ථකව අවසන් වීමෙන් පසුව ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකර බොරතෙල් අපනයනය දිනකට බැරල් ලක්ෂ 60 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව පැවැසෙයි. 22 June 2026
පැය 24 ට ඩෙංගු ලෙඩ්ඩු දහස පනී: රෝහල් උතුරයි ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 22 June 2026
ඇමරිකා සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය පෝල් කපූර් මහතා අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. 22 June 2026
කෙසෙල් රෙදි වැඩේ පටන් ගත්තෙ මගේ කාලෙ ඉවත දමන කෙසෙල් ගසේ කඳේ තන්තු උපයෝගී කර ගනිමින් රෙදිපිළි සහ ඇගළුම් නිෂ්පාදනය කිරීමේ නවෝත්පාදන වැඩසටහන ඇරැඹූයේ තමා කර්මාන්ත අමාත්‍ය ධුරය දැරූ සමයේ බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 22 June 2026
පාසල් ආපන ශාලා මාර්ගෝපදේශ එළි දක්වයි ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් සෞඛ්‍ය සම්පන්න පාසල් ආපන ශාලා පිළිබඳ මාර්ගෝපදේශ එළි දක්වා තිබේ. 22 June 2026
පෙර පාසල් වලටත් එකම අධ්‍යාපන ක්‍රමයක් 2027 වසර වන විට ලංකාවේ පළාත් නවයටම එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව කාන්ත හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පැවැසුවාය. 22 June 2026
එල්නිනෝවට විසදුම් හොයන්න මැතිසබා කමිටුවත් වැඩට බහී එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හී බලපෑම්වලින් ශ්‍රී ලංකාවේ සාගරික ජෛව විවිධත්වය හා උභයජීවී පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ අභියෝග පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී විශේෂ අවධානය යොමු විය. 22 June 2026
බ්‍රිතාන්‍ය අගමැති ගෙදර යයි තමන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව කීර් ස්ටාර්මර් පවසයි. ස්ටාර්මර් මෙසේ පැවැසුවේ ලන්ඩන් නුවර ඩවුනිං වීදියේ අංක 10 ලිපිනයේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට මාධ්‍ය හමුවක් පවත්වමිනි. 22 June 2026
ජී.එස්.පී අහිමි වන අවදානමක් ගැන ජී. එල් කියයි ජාත්‍යන්තර නීතියට අනුකූල ත්‍රස්ත විරෝධී පනතක් ඉදිරිපත් කළේ නැතොත් ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වීමේ අවදානමක් තිබෙන බව ජනතාවාදී ඒකාබද්ධත විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 22 June 2026
සලේ ගැන බොරු ගෙතුවොත් අධිකරණයෙන් දඬුවම් ලැබේවි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් බොරු සාක්ෂි ඉදිරිපත් කළහොත් අධිකරණයෙන් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනු ඇති බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක සහ සජබ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 22 June 2026
කටාර් ගෑස් කම්හලක පිපිරීමකින් 54 කට තුවාල කටාර් රාජ්‍යයේ, රාස් ලෆාන් කාර්මික කලාපයේ, ‘බර්සාන්’ නමැති ප්‍රධාන ස්වභාවික වායු අපනයන පර්යන්තයේ සිදුවූ පිපිරීමකින් 54 දෙනකු තුවාල ලැබූ බවත්, 18 දෙනකු අතුරුදන් බවත් විදෙස් මාධ්‍ය පැවැසීය. 22 June 2026
ඩෙංගු රෝගීන් 46,037ක්: මරණ 28ක් මෙම වසර ආරම්භයේ සිට පසුගියදා 20 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා ඩෙංගු රෝගීන් 46,037ක් වාර්තා වී ඇති බවත් එම රෝගීන්ගෙන් 28ක් මරණයට පත්වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය. 22 June 2026
කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් තියෙන කම්හල් රැක ගන්න කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න පෙර රටේ ඇති ඇගලුම් කර්මාන්ත ශාලා රැක ගන්න කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 22 June 2026
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026