(එම්.දසනායක)

පහරදී ඝාතනය කිරීමෙන් පසුව පුලුස්සා දමන ලද තරුණයෙකුගේ මල සිරුරක් තලාතුඔය පොලිස් බල ප්‍රදේශයේ බව්ලාන ගම්මානයේ කැලෑබද ප්‍රදේශයක දමා තිබියදී අද (8) උදෑසන සොයාගත් බව තලාතුඔය පොලීසිය සඳහන් කරයි 

මෙලෙස ඝාතනය කර ඇත්තේ බව්ලාන ගම්මානයේ පදිංචිව සිටි පනික්ක මුදියන්සේලාගේ ශාන්ත සංජය බණ්ඩාර (29) නැමැති පුද්ගලයෙකි 

දින දෙකක් තිස්සේ තම වැඩ්මහල් සහෝදරයා දකින්නට නොලැබුණු නිසා ඇතිවූ සැකය මත බාල සහෝදරයා විසින් තලාතුඔය පොලීසියට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ 

පොලිසිය විසින් ඔහු අවසන්වරට ඇසුරු කල මිතුරන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීම් හමුවේ මෙම ඝාතනය පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇත 

එකට මත්පැන් පානය කර තම මිතුරා ඝාතනය කිරීමෙන් පසුව එම මල සිරුරු පුලුස්සා මෘත ශරීරය මැස්සසක තබාගෙන රැගෙන ගොස් කැලෑබද ප්‍රදේශයක සැඟවූ බවට සැකකරුවන් පොලීසිය හමුවේ අනාවරණය කර ඇත 

ඝාතන සිදුවීම සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (8) පැවැත්වීමට නියමිතව තිබේ. තලාතුඔය පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති.