(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් රැලියට එක්සත් ජාතික පක්ෂයෙන් උණුසුම් සුබ පැතුම් පිරිනමන බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට ලිපියක් යොමු කරමින් පවසයි.

" ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර රැලිය සංවිධානය කිරීමට පියවර ගන්නේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙනි. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හදිසියේම අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අනුරාධපුර රැලිය කඩා කප්පල් කිරීමේ අරමුණ ඇතිවය.

එම ක්‍රියා මාර්ගයෙන් අධෛර්මන් නොවී  පස් වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ පවත්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියට එක්සත් ජාතික පක්ෂයේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි යනුවෙන්ද එම ලිපියේ සඳහන්ය.