දිලන්ත මාලගමුව ඇතුළු 4 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් ඉල්ලයි කොළඹ 07 බාන්ස් ප්‍රදේශේ ඉඩමකට හොර ඔප්පු සාදා කුනු කොල්ලයට විකුණීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත යුතු හෙයින් මෝටර් රථ දහවන ශූර දිලන්ත මාලගමුව ඇතුළු සිව් දෙනෙකුට විදෙස් ගමන් තහනම් නියෝග නිකුත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) ඉල්ලා සිටියේය. 07 September 2026
නාමල් බලන්න ශිරන්ති - රෝහිත වැලිකඩට මැගසින් බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා බැලීමට ඔහුගේ මෑණියන් වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන් කීපදෙනකු අද (7) පැමිණියාය. 07 September 2026
මෙහෙයුමකදී පොලිසිය නැවතූ මෝටර් රථයේ මත් කුඩු පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල පිවිසුමේදී රියැදුරන් පරික්ෂා කිරීම සඳහා නැවතු මෝටර් රථයක රියදුරු මෝටර් රථය දමා පලා ගොස් ඇති අතර දමා ගිය මෝර් රථයේ තිබී මත්ද්‍රවය තොගයක් සොයාගත් බව අධිවේගී මර්ග පොලිසිය කියයි. 07 September 2026
හඳ අයිති අපට - ට්‍රම්ප් සඳ අයිති ඇමෙරිකාවට යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, සිය ‘ටෲත් සෝෂල්’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමිනි. 07 September 2026
මේ සතියේ මැතිසබයේ කටයුතු මෙහෙමයි පාර්ලිමේන්තුව හෙට 8 සිට 11 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 07 September 2026
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාප සැසිය ඇරැඹෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 අද (07) ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අධානොම් ගෙබ්‍රියේසස් මහතාගේ ප්‍රධානත්වයෙන් න ආරම්භ විය. 07 September 2026
යුද විරුවාට උපහාර පුදන්න හමුදාපති යයි රට වෙනුවෙන් දිවි පිදූ 4 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් එච්. පී. එස්. බණ්ඩාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසා බැලීම සඳහා හේවාදිවෙල, දුල්මුණේ පිහිටි ඔහුගේ නිවස වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ගියේය. 07 September 2026
ජර්මන් මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශිකයන්ට ජය ජර්මනියේ අතුරු මැතිවරණයක් පැවැත්වුණු අතර එයින් ජයග්‍රහණය කළේ ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කරන අන්ත දකුණාංශික ‘ජර්මනිය සඳහා විකල්පය’ දේශපාලන පක්ෂයයි. මැතිවරණය පැවැත්වූයේ ජර්මනියේ නැගෙනහිර සැක්සනි-අන්හාල්ට් ප්රාන්තයේය. 07 September 2026
13 හැවිරිදි දරුවා මා ඔයට බිලි මා ඔයේ යකා බැඳි ඇල්ල අසල දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් දරුවකු දියේ ගිලී මියගොස්, ඔහු බේරා ගැනීමට උත්සාහ කළ පියා ද අනතුරට පත්වීමෙන් පසු දඹදෙනිය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි නාල්ල පොලීසිය පවසයි. 07 September 2026
මුලතිව් වෙරළට මියගිය මත්ස්‍යයින් ලක්ෂ ගණනක් ගොඩ ගසයි මුලතිව් වෙරළ ප්‍රදේශයට මේ දින වල විශාල වශයෙන් මිය ගිය මසුන් ගොඩ ගසා ඇති අයුරු දක්නට ඇති බව එම ප්‍රදේශ වල ප්රදේශෙවාසිහු සදහන් කරති. 07 September 2026
බෙසෝස්ගේ හිටපු බිරිඳ අංක එකේ දානපතිනියක් ලෝ ප්‍රකට ඇමසන් ආයතනයේ නිර්මාතෘ ජෙෆ් බෙසොස්ගේ හිටපු බිරිඳ මැකෙන්සි ස්කොට් ලොව අංක එකේ දානපතිනියක බව විදෙස් මාධ්‍ය පවසයි. 07 September 2026
ඉන්දුනීසියා කන්ද පිපිරී ගුවන් ගමන් අඩාල වෙයි ඉන්දුනීසියාවේ අනැක් ක්‍රැකටෝවා ගිනි කන්ද පුපුරා යෑම සහ අහසට නැගුණු දුම්වලා හේතුවෙන්, ජකාර්තා අගනුවර සුකර්නෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ද ඇතුළු එරට ගුවන් තොටුපොළ 6 ක කටයුතු තාවකාලිකව අත්හිටුවා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත. 07 September 2026
දිල්ලි නේවාසිකාගාරයක් කඩා වැටේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර විශ්ව විද්‍යාලයකට නුදුරින් පිහිටි මහල් හයකින් සමන්විත නේවාසිකාගාර ගොඩනැගිල්ලක් ඊයේ (6) කඩා වැටුණි. 07 September 2026
බසයේ හැපුණු යතුරු පැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනා ළඟ මත් කුඩු කොටදෙනියාව දොරොව්ව ප්‍රදේශයේදි බස් රථයක් හා යතුරු පැදියක් ගැටී සිදු වූ අනතුරින් තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනාගේ බෑග්වලන් මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය කියයි. 07 September 2026
පුරාවස්තු සෙවූ පහක් මාට්ටු හිඟුරක්ගොඩ තල්පොත ප්‍රදේශයේදී පුරාවස්තු සොයා කැණීම් සිදු කළ බව කියන සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. 07 September 2026
ගුවන් තහනමට කලින් ප්‍රේමලාල් ජයසේකර රට ගිහින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විදේශ තහනමක් පැනවුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ( චොකා මල්ලි) විදේශගතව ඇතැයි වාර්තාවේ. 07 September 2026
නාමල්ගෙන් මැතිසබා මහ ලේකම්ට ලියුමක් තමාට ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වෙයි. 07 September 2026
ඇමෙරිකාව - ඉරානය එකට එක ඇමෙරිකාව සහ ඉරානය සති අන්තයේදී දෙපාර්ශවයේ නෞකා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබූ අතර එහිදී ඇමෙරිකානු හමුදාව ඕමාන බොක්කේ යාත්‍රා කරමින් තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබූ අතර කර්ග් දූපත ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ තවත් ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට දැඩිව හානි වී තිබිණි. 06 September 2026
20ට අවශ්‍ය වූ ජනමතය 22කට අකැපද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි දැයි ජනාධිපති වරයාගෙන් ප්‍රශ්න කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 06 September 2026
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණු සැණින් 22 සම්මත කරනවා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණු සැණින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුලත්සිංහල දී පැවසීය. 06 September 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය 8 වැනි දා දිවයිනට ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං 08 වැනි දා දෙදින නිල සංචාරයකට මෙරටට පැමිණෙන බවත් එහිදී ආරක්ෂාව සම්බන්ධ අවබෝධතා ගිවිසුම් 3 කට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අත්සන් තබනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 06 September 2026
2026 ලෝක රූ රැජින ජොහෙයිරි මොලා 2026 ලෝක රූ රැජින ලෙස කිරුළු පැලදියේ ඩොමිනිකන් ජනරජය නියෝජනය කළ සුරූපිනී ජොහෙයිරි මොලා ය. 06 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමැති එනවා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා, ලබන 8 වැනිදා තෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණෙනු ඇත. 06 September 2026
ඊජිප්තු ප්‍රකට රූපවාහිනී නිවේදිකාවකට මරණ දඬුවම් ඊජිප්තු ප්‍රකට රූපවාහිනී නිවේදිකාවක වන සාරා කලීෆා ඇතුළු පුද්ගලයන් 12 දෙනකුට කයිරෝ අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය පසුගියදා වාර්තා කළේය. 06 September 2026
අරගලයේ මන්ත්‍රී ගෙවල් හානියට තවම නඩු නෑ තම නිවාස හා දේපළ හානි කළ අරගලකරැවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තවමත් හරියාකාරව සිදුව නැතැයි දේපළ හානිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වා දෙති. 06 September 2026
කුඩ්ඩන්ට අනුබල දුන් පොලිස් රාලහාමි අල්ලයි මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා අනුබල දීම යන චෝදනාව යටතේ හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරෙන්වරයකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. 06 September 2026
හරක් ලොරියට වෙඩි නීතිවිරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව එල ගවයින් 07 දෙනෙකු හා මී ගවයකු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට තිහගොඩ නායිම්බල දී වෙඩි තබා එම ගව ලොරිය හා පුද්ගලයින් දෙදෙනෙකු සැක පිට අත්අඩංගුවට ගැනීමට අද අලුයම තිහගොඩ පොලීසිය සමත් විය. 06 September 2026
උපෙළ ඇගයීම් ඇරඹේ: ප්‍රතිපල වසර අවසානයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කර ඇත 06 September 2026
උදය ගම්මන්පිලත් පොහොට්ටු වේදිකාවට ලබන 12 වැනිදා අනුරාධපුරේදී පැවැත්වීමට නියමිත පොහොට්ටු ජනරැළියට තමා සහභාගී වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය. 06 September 2026
මධ්‍යම අධිවේගී මාර්ගයට සම්බන්ද මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 104.9ක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසේ සංවර්ධන කටයුතුවලට සමගාමීව මධ්‍යම අධිවේගී මාර්ගයට පිවිසෙන ප්‍රධාන සම්බන්දක මාර්ග ජාලය සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 104.9ක මුදලක් යෙදවීමට කටයුතු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි. 06 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026