කෝටි අටේ කොල්ලයේ මහ මොලකරු පොලිස් දැලේ තලවතුගොඩ සංචාරක රැකියා නියෝජිත ආයතනයකින් රුපියල් කෝටි 08 කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ තොගයක් කොල්ල කෑ කල්ලියේ මහා මොලකරු විශේෂ පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. 04 September 2026
අඟුලානේ දී දින 20කට පෙර අතුරුදන් නැවියාගේ සිරුර හමුවේ මොරටුව අගුලාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 3 පමණ දුරකදි අනතුරට පත් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් p- 4447 ඩෝරා යාත්‍රාවේ සිට අතුරුදන් වූ නාවිකයාගේ මළ සිරුර දින 20 කට පසු අද හමු වූ බව වරාය පොලිසිය සඳහන්කරයි. 04 September 2026
චීනාගේ ඝාතනයේ ප්‍රධාන සැකකාර චීනා මාට්ටු කොළඹ වරාය නගරය තුළදී චීන ජාතිකයකු මෝටර් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කර කබොක් ගල් වලින් වසා පලා ගිය අපරාදයේ ප්‍රධාන සැකකාර චීන ජාතිකයා බොරු කොණ්ඩයක් පැළඳ වෙස් වලාගෙන සිටියදී දින 43 කට පසු වරාය නගරය තුළදීම අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 04 September 2026
කෝටි නවයේ ගජමුතු විකුණන්න ගිය තුනක් මාට්ටු ඇතෙකුගේ දළ වලින් ලබාගත් ගජමුතු දහයක් රුපියල් නව කෝටියකට විකිණිමට තැත්කල පුද්ගලයන් තිදෙනකු ගජමුතු හා මෝටර් රථයක් සමග අනුරාධපුර පුජා පෙදෙසේදි අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි. 04 September 2026
ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප රජයට පාඩුවක් කරමින් දූෂණය නම් වරද සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියම කළේය. 04 September 2026
නාමල් රිමාන්ඩ් එයාර් බස් ගනු දෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියම කළේය. 04 September 2026
ඩඩ්ලිගෙන් රටක් වටින වැඩක් අරලිය ව්‍යාපාරයේ සභාපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ ධන පරිත්‍යාගයෙන් ප්‍රතිසංස්කරණය කොට නවීකරණය කළ පොළොන්නරුව ප්‍රධාන දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසකගේ උත්සවාකාරයෙන් සිදු කළහ. 04 September 2026
මත්කුඩු අල්ලන්න පාසලට පොලිස් බල්ලෝ අපරාධ මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වන පොලිස් නිලධාරීන් තරාතිරම නොබලා සේවයෙන් පහ කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය. 04 September 2026
නාමල් අධිකරණයට රැගෙන එයි එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය. 04 September 2026
එල් නිනෝ බලපෑම ලබන වසර දක්වාම එල් නිනෝ දේශගුණික සංසිද්ධිය ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා පැවැතීමේ සම්භාවිතාව සියයට සියයකට ආසන්න බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පසුගියදා අනතුරු ඇඟවූවේය. 04 September 2026
දූෂණ විරෝධී පනත් කෙටුම්පත් පෙත්සම් විභාගය අවසන් දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල නොවන බව සඳහන් කරන ලෙසද පනත් කෙටුම්පත ජනමත විචාරණයකට සහ විශේෂ බහුතර මන්ත්‍රී සංඛයාවකින් සම්මත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වල විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාල තීන්දුව ඉදිරි කාලයේදී කථානායක යොමු කරන බව නිවේදනය කළේය. 04 September 2026
නේපාල උමගක සිරවුණු දෙදෙනකු බේරා ගැනේ මහා ජල ගැල්මට හසුවී, නේපාලයේ උමගක් තුළ සිරවී සිටි, ජල විදුලි බලාගාර සේවකයන් දෙදෙනකු දින 8 කට පසු බේරා ගැනීමට සහන සේවකයෝ සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි. 04 September 2026
බද්ද කළ ඌරු වකුගඩුව සාර්ථකයි පර්යේෂණාගාරයක් තුළ ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරකුගෙන් ලබා ගත් වකුගඩුවක් සාර්ථකව මිනිස් සිරුරට බද්ධ කළ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වෙයි. 04 September 2026
නිලධාරීහු රොත්තක් ඔඩිට් සේවය හැර ගිහින් ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු කෙරිණ. 04 September 2026
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි. 04 September 2026
එක්නැලිගොඩගේ සිව්වන සාක්කිකරුගෙන් යළි සාක්කි කැඳවයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර නොහොත් මුරලි යන අයගේ සාක්ෂිය නැවත කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබා දුන්නා. 04 September 2026
ප්‍රංශ ජනපති මැක්රොන් බ්‍රිතාන්‍යයේ සංචාරයක මැක්රොන් සහ බ්‍රිජෙත් ත්‍රොග්නෝව් ලන්ඩන් නුවර අංක 10 ඩවුනිං වීදියේ පිහිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසට පැමිණි අතර, බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් සහ බිරිඳ මරීගෙන් ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණි. 04 September 2026
අගමැතිනිය භූතාන අධ්‍යාපන ඇමති හමුවෙයි භූතානයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය භූතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය යීසාං දේ තාපා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගී විය. 04 September 2026
හිටපු එස්.එස්.පීගේ පුතා යුවළකට වෙඩි තබලා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ පුත්‍රයකු කොල්ලුපිටිය 6 වන පටු මඟ පාම් කෝට් මහල් නිවාස සංකීර්ණයේ සිට අද අලුයම සිදු කළ වෙඩි තැබීමකින් අඹුසැමි යුවළක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 04 September 2026
බියගම කර්මාන්ත ශාලාවක ගින්නක් බියගම නිදහස් වෙළෙද කලාපයේ පිහිටි නොර්ත් සේල් පුද්ගලික ආයතනයේ ඇතිවු හදිසි ගින්නකින් එයට දැඩි හානියක් සිදු වි ඇත. 04 September 2026
ජොනී අත්අඩංගුවට මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට රුපියල් ලක්ෂ 74 ක පුටු සැපයීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීමෙන් රජයට පාඩුවක්කර දූෂණය නම් වරද සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (04) එම කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. 04 September 2026
දැවිතෙල් හා නැප්තා මිල පහළට දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් පහල හෙළීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය ගෙන ඇත. ඒ අනුව දැවිතෙල් ලීටරයක මිල ද රුපියල් 248 සිට රුපියල් 210 දක්වා රුපියල් 38කින් ද,නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා රුපියල් 35කින් ද මිල අඩු කර තිබේ. නව මිල අද (04) මැදියම් රැයේ සිට ක්‍රියාත්මක වෙයි. 04 September 2026
හිටපු ඇමති ජොනී අත්අංඩගුවට අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒම කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. 04 September 2026
හිස් කළ බෝවතැන්න පවතින වියලි කාලගුණික තත්ත්වය උපයෝගී කරගෙන බෝවතැන්න ජලාශයේ පිරී ඇති රොන් මඩ ජලජ ශාඛ ඉවත් කිරීම දිවා රෑ නොබලා මේ දිනවල ලහි ලහියේ සිදු කරයි. 04 September 2026
ට්‍රම්ප්ගේ රුව රැගත් ඩොලරයක කාසියක් නිකුත් කරයි ඇමරිකානු ආයතන මත තම පෞද්ගලික සලකුණ තැබීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් නවතම පියවරක් ලෙස ඔහුගේ රුව ඇතුළත් ඩොලරයේ කාසියක් නිකුත් කර තිබේ. 04 September 2026
කතානායක සැප ලයිස්තුව අරන් මැතිසභා ලොක්කෝ අල්ලස් කොමිසමේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි දූෂණ චෝදනා පැමිණිල්ල සම්බන්ධයෙන් තොරතුරැ දීමට පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීහු තිදෙනෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙරවරැවේ පෙනී සිටියහ. 04 September 2026
සුදු මැණිකේ මහනුවර සම්බන්ධීකරණයටත් යයි මෙවර මහනුවර ඇසළ පෙරහර පැවැත්වෙමින් තිබියදී මාර්ග සෝදිසි කිරීම් වල යෙදුන පොලිස් නිලධාරින් විසින් පුද්ගලයකු සෝදිසි කිරීමේදී හස්ති පාලකවරයකු සන්තකයේ තිබී කිනිස්සක් වැනි ආයුධයක් හමුවූ අවස්ථාවේදී එම හස්ති පාලකවරයාට අලියා රැගෙන එන ලෙස කිසි විටෙකත් දැනුම් නොදුන්බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පැවසීය. 04 September 2026
බටුවත්තේ චාමර ගැන වාර්තාවක් අධිකරණයට සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්ජරුවකු යැයි සැක කෙරෙන මනෝජ් සුරංග ලියනගේ හෙවත් බටුවත්තේ චාමර නමැත්තාගේ සුඛෝපභෝගී වාහනයක් සහ ලක්ෂ 400ක තෙමහල් නිවසක් ඇතුලු දේපළ ක්‍රියා විරහිත කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කාර්යාංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කරුණු දක්වමින් අද පැවසීය. 03 September 2026
සැමියාගේ පිහිපහරින් බිරියත් නූපන් දරුවාත් මරුට දෙදරු මවක වන අටමස් ගැඹිණියකට ඇයගේ සැමියාගේ පිහිට පහරින් ගැඹිණියත් ඇගේ කුස තුළ සිටි බිළිදාත් මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 03 September 2026
බස් යතුරු පැදි අනතුරින් එක්දරු මව මරුට මීගමුව සිට ගම්පහ දක්වා ගමන්කළ පෞද්ගලික බස් රථයක් පැරණි මිනුවන්ගොඩ මාර්ගයේදී යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියෙහි පසුපස ගමන්ගත් එක් දරු මවක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පැදිය පැදවූ පියා තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති බවත් ගම්පහ පොලීසිය සදහන් කරයි. 03 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026