(නිමල් ජයරත්න)

අරලිය ව්‍යාපාරයේ සභාපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ ධන පරිත්‍යාගයෙන් ප්‍රතිසංස්කරණය කොට නවීකරණය කළ පොළොන්නරුව ප්‍රධාන දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසකගේ උත්සවාකාරයෙන් සිදු කළහ.

ප්‍රතිසංස්කරණය කළ යුතුව පවතින රාජ්‍ය ආයතන පෞදගලික අංශයේ දායකත්වය මත ප්‍රතිසංස්කරණය කොට නවීකරණය කොට මහජනතාව වෙත වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමේ අරමුණින් යුතුව ආරම්භ කළ ඇති වැඩසටහන යටතේ පොළොන්නරුව ප්‍රධාන දුම්රිය ස්ථානය ප්‍රතිසංකරණය කොට නවීකරණය කිරීමේ කටයුතු සිදුකර ඇත.

පොළොන්නරුව ප්‍රධාන දුම්රිය ස්ථානය ප්‍රතිසංකරණය කිරීම වෙනුවෙන් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් සිය පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ 350 ක මුදලක් වැය කළේය.