(රෝෂන් තුෂාර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව  අල්ලස් කොමිසම පවසයි.

එයාර් බස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත අද  පෙරවරුවේ කැඳවා තිබූ අතර  අල්ලස් කොමිසම වෙත පැමිණි පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.