
(මල්මි පබසරා)
අපරාධ මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වන පොලිස් නිලධාරීන් තරාතිරම නොබලා සේවයෙන් පහ කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.
නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුළ එවැනි නිලධාරීන් සිටිය නොහැකි බවද ඔහු සඳහන් කළේය.
මේ අතර සංවිධානාත්මක අපරාධකරුවන් බන්ධනාගාරගතව සිටින අතරේ පිටත අපරාධ මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇතැයි කී පොලිස්පතිවරයා බුද්ධි අංශ දෙන තොරතුරු අධීක්ෂණය කර අපරාධ ජාල හඳුනාගෙන මෙහෙයුම් කරන බවද ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම පාසල් තුළ මත්ද්‍රව්‍ය හදුනා ගැනීම සදහා පූහුණු නිල සුනඛයන් යෙදවීමට කටයුතු සූදානම් කර අැති බවත් එ් සදහා ඕනෑම අවස්ථාවක පොලිස් නිලධාරීන් යෙදවීමටද සූදානම් බවත් හෙතෙම පැවසීය .
පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලින් ගලවා ගැනීම සඳහා මවුපියන් හා ගුරුවරුන් තම දරුවන් පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු බව වීරසූරිය මහතා අවධාරණය කළේය.
මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීම සහ සැපයුම පාලනය කිරීම සදහා ජනාධිපතිවරයාගේ 'රටම එකට' ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන කමිටු පහක් පිහිටුවා අැතැයි කී පොලිස්පතිවරයා සඳහන් කළේය.
සහායක සේවා අතර සම්බන්ධීකරණය ඒ ඔස්සේ තවදුරටත් ශක්තිමත් වන බව පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd