අයවැයට ඡන්දය දුන් හේතුව කාදර් කියයි ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ගත් තීරණයට ගරු කරමින් අයවැයට පක්ෂව ඡන්දය ප්රකාශ කළ බව ශ්රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කාදර් මස්තාන් මහතා පැවසීය. 22 March 2025
ජනපති කොමිෂන් සභා වාර්තා විස්සක් කුණු කූඩේ විවිධ ආණ්ඩු විසින් පසුගිය වසර දහයක පමණ කාලයේදී වරින් වර පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභා විස්සක පමණ වාර්තා තවමත් ක්රියාත්මක නොවී හමස් පෙට්ටියේ පවතින බව මහාචාර්ය නීතිඥ ප්රතිභා මහනාම හේවා මහතා ලංකාදීපයට පැවසීය. 22 March 2025
පුංචි ඡන්දෙට මැතිසබේ කැලැන්ඩරය වෙනස් වෙයි පළාත් පාලන මැතිවරණය මැයි මස 6 වැනිදා පැවැත්වෙන හෙයින් එම මාසයේ පළමු සතියට අදාල රැස්වීම් 8 සහ 9 දෙදින පමණක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 22 March 2025
අම්පාර හෙද විදුහලෙන් හෙද සේවයට 140ක් රජය ක්රියාත්මක කිරීමට නියමිත ප්රාථමික සෞඛ්ය සේවා සංවර්ධන වැඩසටහන යටතේ ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි ප්රාථමික සෞඛ්ය මධ්යස්ථාන දහසක් ස්ථාපිත කෙරෙන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 22 March 2025
දෙවිනුවරදී වෙඩි තබා දෙදෙනෙක් මරලා මාතර දෙවිනුවර දේවලය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 22 March 2025
අයවැයට කථානායක සහතිකය පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 79 ව්යවස්ථාව ප්රකාරව කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කළේය. 21 March 2025
අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය (2025) වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය. 21 March 2025
කප්පම් කල්ලියක් ගිනි අවි සමග මාට්ටු සංවිධානාත්මක අපරාධකරුවන් මුවාවෙන් ව්යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ගිනි අවි සහ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි. 21 March 2025
ලඟ එන පනතින් මන්ත්රී විශ්රාම වැටුප අහෝසියි ජනාධිපති ධුරයට පත් වූ පසුවත් තමාට ලැබුණු මන්ත්රී විශ්රාම වැටුප අවශ්ය නොවන බව කියා තමා ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 21 March 2025
ලාංකේය සිනමාව නෙළුම් කුළුණ අලුත් උත්තේජයක් ලාංකේය සිංහල සිනමාව ජාත්යන්තරයට ගෙන යාමේ අරමුණ සහිතව ඔහු වෙනස්ම ආකාරයේ නිර්මාණයක් තමන්ගේ කුළුඳුල් සිනමා අධ්යක්ෂණය සඳහා යොදාගත් අතර, එය මෙරට මෙන්ම විදෙස් රටවලද ගෞරවයට හා ප්රශංසාවට ලක්වී තිබේ. 21 March 2025
නව බහුවිධ ප්රවාහන මධ්යස්ථාන 10ක් රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්රවාහන මධ්යස්ථාන 10 ක් සමගින් ප්රවාහන මධ්යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය කර ඇති බව ප්රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යංශය පැවසීය. 21 March 2025
කුඩු ජාවාරමා ළඟ උණ්ඩ සහ වාහන අංක තහඩු මත්ද්රව්ය ජාවාරම්කරුවකුට අයත්ව තිබු ටී 56 උණ්ඩ 60 ක්, එමි 16 වර්ගයේ උණ්ඩ 06 ක් පුහුණු හිස් පතුරම් 09 ක් තියුණු කඩු 01 ක් සොරකම් කරන ලද යතුරුපැදි අංක තහඩු දෙකක් සහ තවත් මෝටර් රථයක අංක තහඩුවක්, අවි පුහුණුවට යොදාගන්නා පොත්ක් ඇතුළු උපකරණ අද පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 21 March 2025
වැලිගම සිද්ධියට අධිකරණයට බාරවූ සි.සී.ඩී නිලධාරීන්ට ඇප වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා සම්බන්ධයෙන් මෝසමක් මගින් අධිකරණට බාරවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හය දෙනා එක් අයකුරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි මාතර ප්රධාන මහේස්ත්රාත් අරුණ ඉන්ද්රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය. 21 March 2025
ප්රවාහන අමාත්යංශය කඩිනමින් ඩිජිටල් වෙයි ජනතාවගේ එදිනෙදා අවශ්යතාවයන්ට අතිශය සෘජුවම බලපාන විෂයයන් හතරකට අදාල ප්රබල ආයනයන් රැසක් ක්රියාත්මක වන ප්රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යංශයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට පියවර ගනිමින් සිටින බව එම අමාත්යංශය පවසයි. 21 March 2025
වැල්ලම්පිටියේ මරණයට කුලී රියැදුරා අත්අඩංගුවට අධික ලෙස මත් වී කුලී ත්රිරෝද රථයකින් ආ දෙදෙනකු වැල්ලම්පිටිය වෙලේවත්ත ප්රදේශයේදී බැසයාමෙන් අනතුරුව එක් පුද්ගලයකු මාර්ගයේ මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්රිරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසි පවසයි. 21 March 2025
පියුමි හංසමාලි ගැන අලුත් පාරකින් විමර්ශන කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක් මුදල් ඉපැයු වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකු සමග වසර ගණනාවක් ගනුදෙනු කර ඇති බව රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අද (21)පැවසීය. 21 March 2025
ජනපති පාර්ලිමේන්තුවට එයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. 21 March 2025
පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව තිබීම රටේ අනාගතයට ඉතාම වැඳගත් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (21) පැවසීය. 21 March 2025
පොසොන් උත්සවය මිහින්තලයේ අනුබුදු දහමින් ලොවම නිවේවා’ තේමාව යටතේ 2025 වර්ෂයේ පොසොන් උත්සවය පූර්ණ රාජ්ය අනුග්රහය සහිතව මිහින්තලයේදී පැවැත්වීමට තීරණය කල බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යංශය පවසයි 21 March 2025
’’හෙට උදේ ඉඳන් අපේම වැඩසටහනක්’’ අයවැය සම්මත වීමෙන් පසු අපේම වෙච්ච වැඩසටහන හෙට උදේ සිට පටන් ගන්නා බව ප්රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2025
උද්ධමනය ඉහළ යයි ජාතික පාරිභෝගික මිල දර්ශකයකට අනුව පසුගිය පෙබරවාරි මාසයේ මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය සියයට - 3.9 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 21 March 2025
සිංහබාහු පෙන්නන්න ඇවිත් අන්දරේලා පෙන්නනවා සිංහබාහු පෙන්වන්න ආපු ආණ්ඩුව අද අන්දරේලා පෙන්නන ගානට පහු බැස ඇතැයි කොළඹ දිස්ත්රික් මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2025
ගුවන් අනතුර ගැන සොයන්න කමිටුවක් ශ්රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක මූලික කඳවුරේ අංක 5 ප්රහාරක බලඝණයට අයත් කේ -8 වර්ගයේ යානයක් අද (21) පෙරවරුවේ අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සාමාජිකයන් හත්දෙනකුගෙන් යුත් විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කළ බව ගුවන් හමුදාව පැවසීය. 21 March 2025
’’සජබත් අයවැයට විරුද්ධයි’’ සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2025
පොහොට්ටුව අයවැයට විරුද්ධව ඡන්දෙ දෙනවා ශ්රී ලංකා පොදු ජන පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය තබා දෙන බව හම්බන්තොට දිස්ත්රික් මන්ත්රී ඩී.වී චානක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2025
පොල් වගාකරුවන්ට පොහොර දෙන්න ගිවිසුම්ගත වෙයි පොල් වගාකරුවන්ට සහන මිලට ඒඑම්පී පොල් පොහොර දීමේ ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමට රාජ්ය පොහොර සමාගමේ දි අත්සන් කළේය 21 March 2025
හීත්රෝ ගුවන්තොට පැය 24 කට වැසෙයි ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටුපොළ ආසන්නයේ ඇති විදුලි උප පොළක ඇතිවූ ගින්නක් හේතුවෙන් අද(21) රාත්රී 12 වන තෙක් පැය 24 ක කාලයක් සඳහා එම ගුවන් තොටුපොළ වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ. 21 March 2025
ඕන්නං පඩි වැඩි නොකර ඉන්නත් තිබුණා ඕන්නම් ආණ්ඩුවකට රාජ්ය සේවයේ වැටුප් වැඩි නොකර ඉන්නත් යම් දීමනාවක් දීලා ඉන්නත් පුළුවන්කම තිබූ නමුත් මූලික වැටුපම වැඩි කරන්නට ආණ්ඩුව කටයුතු කළ බව කම්කරු අමාත්ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය මහාචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2025
විපක්ෂය අන්තිමයි අයවැය විවාදයේදී විපක්ෂය තමාගේ කාර්යභාරය ඉටු කිරීමට අසමත් වූ බව පත් කළ මන්ත්රී නීතිඥ ලක්මාලි හේමචන්ද්ර මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 21 March 2025
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026