මන්ත්‍රීවරුන්ගේ දුරකතන සංවාද පරීක්ෂා නොකළ බව කොමිසම කියයි
බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ කෝප් කමිටු සාමාජිකයින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට කොමිසමේදී හෙළි වු කරුණු ගැන දේශපාලනඥයින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ බොහෝමයක්ම පදනම් විරහිත බව බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා අද (20) කීවේය.