IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සිසුවාගේ මාරයා ඔන්චිල්ලාවෙන් එයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ  සහ රේඛා තරංගනී ෆොන්සේකා)

පාසල් භූමියේ මිතුරන් පිරිසක් සමඟ ඔන්චිල්ලාවක් පදිමින් සිටි 14 හැවිරිදි සිසුවෙකු අද පෙරවරුවේ  එයින් බිමට වැටී මියගොස් ඇතැයි  මොරටුමුල්ල පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ,මොරටුව පහළ ඉඳිබැද්ද ප්‍රදේශයේ පදිංචි මොරටුමුල්ල විල්ලෝරාවත්ත ඥානිස්සර බෞද්ධ විද්‍යාලයේ නවය වසරේ ඉගෙනුම ලබමින් සිටි ජයවර්ධනගේ චමෝද් දුලන්ජය විජේසේකර  නැමැති සිසුවෙකි.

විද්‍යාලයේ පසෙකට වන්නට සවිකර තිබෙන  සිව් දෙනෙකුට විනෝද විය හැකි ආකාරයෙන් යකඩයෙන් සහ තහඩුවලින් තනන ලද ඔන්චිල්ලාව වෙත  සිසුන් පස් දෙනෙකුට වැඩි පිරිසක් ගොඩවී ඔන්චිලි පදිමින් සිටියදී මියගිය සිසුවා ද ඔන්චිල්ලාවට පිටතින් නැඟ අනෙකුත් සිසුන් හේත්තු වි සිටින කොටසේ හිඳගෙන එම ඔංචිල්ලාව පදිමින් සිටියදී  අවාසනාවන්ත අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි

වේගයෙන් ඔන්චිල්ලාව ඒ මේ අත පැදවීමේදී  ඔන්චිල්ලාවේ පිටතින් නැග සිටි සිසුවා එකවරම ඔන්චිල්ලාව අසලම වැටී ඇති අතර ඒ සමඟම ඉහළට එසවී එසවී තිබූ ඔන්චිල්ලාව ආපස්සට ඒමේ දී එහි යට යකඩ තහඩු කොටස  සිසුවා ගේ හිසෙහි ගැටී එය පොළවට තද වීමෙන්  අනතුරුව ඔහු  බරපතළ තුවාල ලබා ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

සිසුවාගේ නාසයෙන් හා මුඛයෙන් අධික ලෙස ලේ වහනය වී ඇති අතර ඒ සමගම ඔහු මොරටුව ලුනාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර මද වේලාවක දී සිසුවා මියගොස් තිබූ බව පොලිසිය කියයි.

සිසුවා ගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

මොරටුමුල්ල පොලිසියේ   ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේශ්  චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත  පොලිස් කොස්තාපල් 60685 නිශාන්ත මහතා පරීක්ෂණ පවත්වයි.



අදහස් (5)

සිසුවාගේ මාරයා ඔන්චිල්ලාවෙන් එයි

චන්දන Tuesday, 09 August 2022 08:30 PM

පුතා ඔබට නිවන් සුව අත්වේවා! ඒත් කොණ්ඩය දිහා බැලුවාම ඇත්තේ ගැටළුවක්?

:       6       15

ස්ටාලිං පිම්පියා. Tuesday, 09 August 2022 08:51 PM

ඉස්සර ගුරුවරු වගේ නොවෙයි දැන් අය ගොඩක් වෙනස්, සිසුන් ගැන බලනවා අඩුයි. එහෙමත් අය විතරයි නිසි ලෙස සොයා බලන්නේ. බොහෝ ගුරුවරුන්ගේ ආකල්පය නම් තම කාලච්ජේදයේදී පමණයි ඒ දරුවන් තමන්ට අයිති කියලා. අනිත් වෙලාවට ළමයි මොනවාකලත් ඒ අයට වැඩක් නෑ. මෙවැනිදේට දෙමවුපියන්ද වගකියන්න ඕනේ. මොකද දඬුවමක් කරපු ගමන් එන්නේ රෙදි කරේ තියාගෙන. යම් ගුරුවරයෙක් මේ අයුරින් ඔංචිලි පදිනවා දැකලා දඬුවම් කරානම් එයාගේ (දරුවාගේ) ජීවිතේ බේරාගන්න ඉඩ තිබුනා. නමුත් පසුදිනයේ අම්මලා පස්දෙනාම ඇවිත් ප්‍රින්සිපල්, පොලිසිය එක්ක ගුරුවරයාට පාඩමක් උගන්වන්න බලනවා. ඒක තමයි ඇත්ත. අම්මලා තාත්තලා තමන්ගේ දරුවන් අසරණ කරලා ඉවරයි

:       1       15

ලුම්බිණි Wednesday, 10 August 2022 05:24 AM

මෙරට පාසල් මෙයට වඩා ආරක්ෂාකාරී ලෙසින් ක්‍රීඩා උපකරණ තැනිය යුතුයි

:       0       11

කෝලිත Wednesday, 10 August 2022 11:24 AM

අභාග්‍යයක්..පාසැල් සිසුවෙක් බව බව කොන්ඩයෙන් නොපෙනේ......විනයක් නොමැති දරුවන්ගේ වගකීම දෙමව්පියන් ගත යුතුයි

:       0       4

චන්දන Wednesday, 10 August 2022 12:42 PM

අදහස අනුමත කරමි. විනයගරුක සිසුන් බිහිකිරීම දෙමාපිය පාසල් දෙගොල්ලන් සතු වගකීමක්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site