
(චන්ද්‍රසේන ගමගේ)
මිද්දෙණිය පොලිස් වසමේ වැලිපිටිය ප්‍රදේශයේදී 1996 වසරේ ජූලි මස 26 වැනි දින තියුණු ආයුධයකින් පහර දී තම බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවෙකු වූ අයෙකුට තංගල්ල මහාධිකරණය විසින් අද (30) මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.
මෙලෙස මරණ දණ්ඩනය නියම වූයේ කිරල දෙනියගේ ධර්මදාස යන අයටය.
එවකට වයස අවුරුදු 39 ක් වූ සමරසිංහ ආරච්චිගේ රම්‍යා කාන්ති නම් කාන්තාව නිවස තුළට දමා දොරගුළු වසා පිහියකින් ඇන ඝාතනය කිරීමේ චෝදනාව යටතේ සැකකරුට විරුද්ධව නඩු පවරා තිබුණේ මිද්දෙණිය පොලිසිය විසින්ය.
දීර්ඝ නඩු විභාගයකින් පසු එවකට විනිසුරුවරයා වූ ඩී.ඒ.රුවන් පතිරණ මහතා විසින් මරණීය දණ්ඩනය අද දින නියම කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමැරුවේ 1996 දී එවකට විත්තිකරුගේ වයස අවුරුදු 39 යි. නඩු අහලා විත්තිකරුට දඩුවම් කලේ 2024 දී. දැන් විත්තිකරුගේ වයස අවුරුදු 69 දී විත්තිකරුට දඩුවම මරණ දඩුවමයි. නමුත් අවුරුදු 75ක් ජීවත් වෙලා සිටියොත් යැයි උපකල්පනය කළහොත් ඇත්ත දඩුවම අවුරුදු 6 යි.