(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ  සුමිත් පොතුපිටිය)

විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු මත්ද්‍රව ජාලයට සම්බන්ධ පුද්ගලයකුයකු රුපියල් කෝටි 12 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍යය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

එම සැකකරු සමඟ අයිස් කිලෝග්‍රෑම් 18 යි ගෑම් 672 ක ප්‍රමාණයක්, ජංගම දුරකථන දෙකක් සහ විද්‍යුත්තරාදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරකට අනුව එහි උප ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් බණ්ඩාරගම මස්විල වෙන්දේසි වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමේදී සැකකරු සහ මත්ද්‍රව්‍යය තොගය පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුර කුඩු සළිඳුගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන විදේශ ගතව සිටින ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින රවිෂ්ක යන අයගේ මත්ද්‍රව්‍යය ජාලයේ මෙරට මත්ද්‍රව්‍යය ගබඩා භාරකරු ලෙස කටයුතු කරන සාමාජිකයකු බවට බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.