
(ඩබ්ලිව්.ඩී.එම්. විතානගේ)
වරාය නගරයේ ( Port City ) සිදු කරන ලද වැටලීම් වලදී සුඛෝපභෝගි යාත්‍රාවක් තුළ පවත්වා ගෙන ගිය තරුණ සාදයක් හා බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කළ ආපනශාලා 02 ක් ඇතුළු ස්ථාන 03 ක් පසුගිය සති අන්තයේ සාර්ථකව වටලා ඇතැයි දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.
මෙහිදි රුපියල් ලක්ෂ 50 කට අධික වෙළෙද පොළ වටිනාකම සහිත දේශීය මත්පැන් මිලි ලීටර් 19500 ක් විදේශීය මත්පැන් මිලි ලීටර් 45,400 ක් හා බියර් මිලි ලීටර් 2 ,44 ,925 ක් සොයා ගත් බවද එම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සදහන් කරයි.
ඒ සමගම මේ සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු ද තම භාරයට ගත් බවත් එම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය කියයි .
අත් අඩංගුවට ගත් එම සැකකරුවන් තිදෙනා අද කොළඹ - කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd