වැස්සෙන් බදුල්ලට බරපතල හානි දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපයේ බලපෑමෙන් ඇතිවූ තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව ඇත. 30 October 2021
නාමල් - ප්‍රසන්න මෝටර් රේස් පදිති - වීඩියෝ කොළඹ වරාය නගරයේදී ඉදි කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලිකඳු සහිත ධාවන පථය අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 28 October 2021
ඇමෙරිකාවේ ‘‘ඩග්ලස් මුන්රෝ‘‘ නාවික හමුදාවට බාර දෙයි ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් ඇමෙරිකානු වෙරළාරක්ෂක නෞකා වන “ඩග්ලස් මුන්රෝ නෞකාව ශ්‍රි ලංකාව නාවික හමුදාවට නිළ වශයෙන් බාර දුන්නේය. 27 October 2021
සුඛෝපභෝගි නිවෙසකින් මතු වූ මත්පැල තවාන රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය පැළ තවානක් පවත්වාගෙන ගිය මුල්ලේරියාව ප්‍රදේශයේ සුඛෝපභෝගී තෙමහල් නිවෙසක් තලංගම පොලිසියේ දූෂන මර්දන ඒකකයේ නිලධාරීහූ අත්අඩංගුවට ගැනීමට සමත් වූහ. 26 October 2021
වරාය නගරය - අධිවේගය යා කරයි - වීඩියෝ පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකාවේ පළමු වරට ඉදිවන, ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු පාලම් කොටස සවිකිරීමේ උත්සවය, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරිණි. 25 October 2021
තවත් රැල්ලක් අත ළඟ? කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා දීර්ඝ සංචරණ සීමාකින් පසු පෙර දින සන්ධ්‍යාවේ ගල්කිස්ස සංචාරක වෙරළ තීරයට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබුණි. 25 October 2021
මට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීමයි ’’මිනිසුන් අවුස්සන දේශපාලනයට හසු නොවී අනාගත පරපුර වෙනුවෙන් පෙළගැහෙන්න” යැයි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 23 October 2021
අධිවේගයේ තවත් කොටසක වැඩ අවසන් අදියරේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කිලෝ මීටර් 43 ක් වන මාර්ගය නොවැම්බර් මස 15 වැනිදා විවෘත කිරීමට නියමිතය. 23 October 2021
කිරිඳිවැල පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක් කිරිඳිවැල ඌරපොල පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක අද සවස ඇතිවූ හදිසි ගින්නකින් එහි එක් ගබඩාවක් සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇතැයි කිරිදිවැල පොලිසිය කියයි. 21 October 2021
අද අපි අකුරු කරනෙමු ගස් සෙවණ යට... දඹුල්ල තිත්තිත්තවැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් පාසැලට පැමිණෙද්දී එහි ගුරුවරුන් කිසිවකු පාසැලට වාර්තා නොකිරීම හේතුවෙන් සෑම පන්ති කාමරයක්ම ඉබි යතුරු දමා වසා දමා තිබෙන අයුුුරු දක්නට ලැබිණි. ඒබැවින් පාසල් පැමිණි දරුවන්ට ගස් සෙවණේ සිටීමට සිදුවිය. 21 October 2021
ඇමති නාමල් ඉන්දීය අගමැති හමු වෙයි ඉන්දියාවේ කුෂිනගර් හි ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඉන්දියාවට ගොස් සිටින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී අද සාකච්ඡා පවත්වා ඇත . 20 October 2021
කුෂිනගර් ගුවන්තොටට පළමු ගුවන් යානය පිටත්ව යයි ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කරන අවස්ථාවේ එම ගුවන් තොටුපළ වෙත පිවිසෙන පළමු ගුවන් යානය ලෙස සහභාගී වීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය. 20 October 2021
දිවි ඉනිම නිමා කළ බන්දුල අවසන් ගමනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික මතක සටහනක් වන ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (19) පස්වරුවේ සිදුකෙරිණි. 19 October 2021
රටපුරා තැන තැන අදත් ගොවි විරෝධතා වී වගාව ඇතුළු වගාවන්ට පොහොර දෙන්නැයි ඉල්ලා අදත් දිවයිනේ නගර රැසක දැවැන්ත විරොධතා රැසක් පැවැත්විණි. 19 October 2021
නබිනායක තුමාගේ ජන්ම දිනයට නගර සභාව ආලෝකමත් වෙයි ඉස්ලාම් ආගමික නායක නබිනායක තුමාගේ ජන්ම දින සැමරුම හෙටට (19) යෙදී ඇත. 18 October 2021
යොහානි ජනපති හමුවෙයි - වීඩියෝ ලෝක ප්‍රසිද්ධියට පත්ව සිටින යොවුන් ගායිකා යොහානි ද සිල්වා ඊයේ ( 17 ) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූවාය. 18 October 2021
රුසියාවේ සිට මුහුදු යටින් ආ අමුත්තන් පිළිගන්න නාවික හමුදාපති යයි - වීඩියෝ කොළඹ වරායට පැමිණ තිබෙන රුසියානු නාවික හමුදාවට අයත් යුද නෞකාව සහ සබ්මැරීන් දෙක නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඇතුළු නිලධාරීහූ අද (16) පෙරවරුවේ නිරීක්ෂණය කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසීය. 16 October 2021
ඉන්දු - ලංකා යුද අභ්‍යාසය බලන්න ඉන්දීය හමුදාපතිත් ඉන්දු ශ්‍රී ලංකා ‘‘මිත්‍ර ශක්ති’’ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අවසන් දින පුහුණු අභ්‍යාසය අද පොලොන්නරුව, මාදුරුඔය පිහිටි යුද හමුදා පුහුණු පාසලේ වෙඩි පිටියේදී පැවැත්විණි. 15 October 2021
සිමෙන්ති ලොරිය පාර හරහා බුදි දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී අද උදෑසන සිමෙන්ති පැටවූ ලොරි රථයක් හා ජීප් රථයක් ගැටී සිමෙන්ති ලොරිය ප්‍රධාන මාර්ගය හරහා පෙරලී යාම නිසා පැය ගණනක් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වූ බව පොලිසිය කියයි. 15 October 2021
මින්නේරියේ දැවැන්ත ගොවි විරෝධයක් - වීඩියෝ තම වගාවන්ට නියමිත දින රසායනික පොහොර ඉල්ලා පොලොන්නරුවේ ගොවීහු පන්දහසක් පමණ පිරිසක් මින්නේරිය නගරයෙන් මඩකළපුව - හබරණ ප්‍රධාන මාර්ගය හරස් කරමින් දැවන්ත විරෝධතාවක නිතර වෙමින් සිටිති. 14 October 2021
ගොවිතැන් වැනසුණු ලුණුගම්වෙහෙර ගොවීන්ගේ අඳෝනාව - වීඩියෝ ප්‍රමාණවත් පොහොර කෘෂිරසායන හා වගා පාඩුවට වන්දි දෙන ප්‍රමාණය නිශ්චිත වශයෙන් සඳහන් කරන තුරු මහ කන්නයේ වීවගාවෙන් ඉවත් වීමට ලුණුගම්වෙහෙර දකුණු ඉවුරේ ගොවීහු කන්න රැස්වීමේදී තීරණය කළහ. 13 October 2021
ඇවිදින මංතීරුවට පක්ෂ - විපක්ෂ ගුටි කෙළියක - වීඩියෝ නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදි වන ඇවිදින මංතිරුවේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලිමට ක්‍රිඩාංගණය වෙත පැමිණි විපක්ෂයේ සහ පාලක පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු විය. 12 October 2021
මන්ත්‍රි සුමන්තිරන් කුඹුරට බසී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ කුඹුරකට බැස සාම්ප්‍රදායික ගොවිතැන් කටයුතු වල නිරත වී ඇත. 11 October 2021
තිසරගේ පන්දුවට ජනපති සාර්ථකව මුහුණ දෙයි යුද හමුදාවේ 72 වැනි සැමරුම් උත්සවය වෙනුවෙන් අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති උත්සවයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ක්‍රිකට් ක්‍රීඩාංගනයද විවෘත කළේය. 10 October 2021
බස්නාහිරින් දකුණට යන්න ඇවිත් ආපසු යයි බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ගමන් කිරීම සඳහා පැමිණි විශාල වාහන විශාල ප්‍රමාණයක් වැලිපැන්න පිවිසුම් දොරදොරටුවෙන් ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කළේය. 09 October 2021
නුවරඑළිය ගින්නකින් පහක් මරුට නුවරඑළිය රාගලවත්ත මැදකෙටසේ නිවෙසක ඇති වූ ගින්නකින් එකම පවුලේ පස් දෙනකු මියගොස් ඇතැයි රාගල පොලිසිය කියයි 08 October 2021
අක්කර 100ක කොහොඹ රක්ෂිතය වැනසූ ඡන්ද පරාජිතයා මැදවච්චිය පිහිටි වසර අවුරුදු 40 ක් පැරණි එකම කොහොම රක්ෂිතය මේ වන විට දැව ජාවාරම්කරුවන් සහ ව්‍යාපාරිකයන් විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 07 October 2021
සුපිරි දැවැන්තයා කොළඹ වරායට ලොව විශාලතම බහාලුම් නෞකාව යනුවෙන් හැඳින්වෙන ‘එවර් ඒස්’ නෞකාව කොළඹ වරායට සේන්දු විය. 06 October 2021
යුද විරුවන්ට පුෂ්පෝපහාර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය 2021 ඔක්තෝබර් 10 දිනට යෙදී ඇති අතර ඒ නිමිති කරගනිමින් මියගිය රණවිරුවන් සිහිකිරීමේ වැඩසටහනක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානතත්වයෙන්, බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි රණවිරු ස්මාරකය අභියස දී අද (5) පැවැත්විණි. 05 October 2021
ජනතාව පාරට සෞඛ්‍ය කැලේට දින 42කට පසු රට විවෘත කිරිමත් සමග සිය අවශ්‍යතාවන් ඉටු කරගැනීම සඳහා පැමිණි පිරිසගෙන් කොළඹ නගරයේ විවිධ වීදි පිරි ගොස් ඇත. 04 October 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026