IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඇමෙරිකාවේ ‘‘ඩග්ලස් මුන්රෝ‘‘ නාවික හමුදාවට බාර දෙයි

(ඉන්දිකා රාමනායක)

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්ෂක නෞකා වන “ඩග්ලස් මුන්රෝ නෞකාව ශ්‍රි ලංකාව නාවික හමුදාවට නිළ වශයෙන් බාර දුන්නේය.

“ඩග්ලස් මුන්රෝ නෞකාව බාරදීම ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ “සියැට්ල්” වරායෙහි පිහිටි ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂරක කඳවුරේදී සිදු කෙරුණි.

මේ අවස්ථාව සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා නියෝජනය කරමින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයි.එන් ජයරත්න මහතා සහභාගී විය.

සාගර කාලාපයේ පොදු අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරිමේ සහ වර්ධනය කිරිමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත මීට පෙර ශ්‍රී ලංකා නාවික නෞකා “සමුදුර” පි 621, සහ “ගජබාහු: පි 626 යන නෞකා ඇමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති අතර එම හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ඇමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් තෙවන නෞකාව ලෙස මෙම “ඩග්ලස් මුන්රෝ” නෞකාව ලබා දීම හැන්වෙන බව නාවික හමුදාව කියයි.

 



අදහස් (12)

ඇමෙරිකාවේ ‘‘ඩග්ලස් මුන්රෝ‘‘ නාවික හමුදාවට බාර දෙයි

ganegoda Wednesday, 27 October 2021 03:10 PM

පට්ට ගහපු කුණු ගොඩවල් ඔක්කොම ලංකාවට...!!!

:       55       117

DonWednesday, 27 October 2021 03:49 PM

අලුත් එකක් සල්ලි දීලා කීයක් යනවා කියලද ඔය මහත්තයා හිතන්නේ?

:       6       52

fairoosWednesday, 27 October 2021 05:34 PM

අපි සල්ලි දීලා අසූචි ගන්න එකේ මේක මොකක්ද නේ?

:       62       22

naviyekWednesday, 27 October 2021 04:37 PM

ගනේගොඩ නොදැන කිසවක් ප්‍රකාශ නොකරන්න ,‘‘ඩග්ලස් මුන්රෝ‘ හොඳ නැතිනම් යකඩ වලට විකුනණවා

:       0       5

Dharmatileke Wednesday, 27 October 2021 04:31 PM

ඇමරිකානුවන් භාවිතා කරන ලද , නමුත් චීන බ්‍රෑන්ඩ් නිව් නොවේ

:       1       3

Perera Thursday, 28 October 2021 12:04 AM

ඕකත් කීයකට හරි චීනෙට විකුණලා දාන්න

:       0       4

wasantha Thursday, 28 October 2021 05:59 AM

චීනයේ අසුචි වලට වඩා මේක හොඳයි මේ නැව ගැන විස්තරයක් අන්තර්ජාලයේ ඇත. අප කුහක විය යුතු නැත.

:       0       9

Bunny Preena Thursday, 28 October 2021 08:41 AM

මුළු ලෝකෙම අසුචි වලක්. ගඳ අඩු වැඩි වෙන්නේ අපේ ක්‍රියාකාරිත්වය අනුවයි.

:       1       8

mohomed agarapatana Thursday, 28 October 2021 09:04 AM

පිනට දෙනවානම් ඕන එකක් බාරගනී.

:       25       4

Hafeel Thursday, 28 October 2021 09:22 AM

එහමනම් රටේ තවත් කැල්ලක් ඇමරිකාවට. ඊළඟට ඉන්දියාව සහ චීන අපිට බෝට්ටුවක් හෝ ඔරුවක් දීලා තවත් කැල්ලක් අපෙන් ගනීවි.

:       25       4

kamal Thursday, 28 October 2021 01:45 PM

උදේ හවස වැඩට ගිහින් තමන්ගේ ය බදු ගෙවලා ඒකෙන් තමන්ගේ රටටත් අනුන්ගේ රටවලටත් යහපතක් කරන ඇමරිකානු ජනතාවට ස්තුතියි වේවා .අපේ හත් මුතු පරම්පරාවම වික්කත් මේ වගේ දෙයක් ගන්න අපිට වත්කමක් නැහැ .(ඒක නෙමෙයි මේකට ගහන්න ඩීසල් තියනවද ?)

:       0       2

kamal Thursday, 28 October 2021 01:54 PM

හරක් හමක් එල්ල ගන්නත් රටෙන් කෑල්ලක් දීපු අපිට නැවකට කෑල්ලක් දෙන එක මොකද්ද ?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17653 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site