IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


අප ගුරු නා සමිඳු නිවනින් නිවෙන්නයි

(ඩයනා උදයංගනී)
මෙරට කීර්තිමත්, ධර්මධර හා විනයධර, භික්‍ෂූන් වහන්සේනමක වූ කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, මල්වතු පාර්ශවයේ කොළඹ, හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති, අපවත් වී වදාළ  ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ද සහභාගීත්වයෙන්, කොළඹ නිදහස් චතුරස්‍රයේදී, පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද  පස්වරුවේ පැවැත්විණි.  
කුසලධම්ම නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වුණු අද  දිනය රජය විසින් ජාතික ශෝක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබිණි.
වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ වසර 84ක් ආයු වළඳා ඉකුත් 28 වැනිදා අපවත් වී වදාළහ.
නා හිමියන්ගේ දේහය මහජන ගෞරව සඳහා එදින පස්වරුවේ සිට උන්වහන්සේ විහාරාධිපතීත්වය දැරූ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් විහාරස්ථානයෙන් තැන්පත් කර තිබූ අතර අද (31) දහවල් 12.00ට උන්වහන්සේ කුලපතිධූරය දැරූ කැලණිය විශ්ව විද්‍යාලය වෙත රැගෙන එනු ලැබිණි.  
අනතුරුව දේහය රැගත් රථ පෙරහැර කැලණිය විශ්ව විද්‍යාලයෙන් ගමන් ආරම්භ කළේය.
දේහය රැගත් රන්සිවි ගෙය දෙපස සේසත් රැගත් පිරිස් ගමන් කළ අතර ඒ පසුපසින් මහා සංඝරත්නය වැඩම කළහ. එමෙන්ම මග දෙපස මහ නා හිමියන්ට ගෞරව ලෙස ත්‍රිවිධ හමුදා සාමාජිකයන් රඳවනු ලැබ තිබිණි.
කුසලධම්ම නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වුණු අද  දිනයේදී උන්වහන්සේට ගෞරව පිණිස කැලණියේ සිටම මග දෙපස මෙන්ම කොළඹ නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශය කහ පැහැති ධජයන්ගෙන් සරසා තිබිණි.
නා හිමියන්ගේ දේහය රැගත් ආදාහන පෙරහැර කොළඹ නිදහස් චතුරස්‍රය වෙත පස්වරු 2.00ට පමණ ළඟා වූ අතර එම අවස්ථාවේදී ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මගින් නා හිමියන්ගේ දේහය වෙත ගුවනින් මල් ඉසීම සිදුවිය.
භික්‍ෂූන් වහන්සේ විශාල පිරිසක් මෙම අවස්ථාවට වැඩම කර සිටීම හේතුවෙන් නිදහස් චතුරස්‍ර භූමිය කහ පැහැයෙන් බැබළිණි.
දේහය විශේෂ පීඨිකාවේ තැන්පත් කිරීමෙන් අනතුරුව ඒ වෙත යුද හමුදා ආචාරය පුද කරමින් දේහය සිවු කොන මුර සෙබළුන් ස්ථානගත කිරීම සිදුකෙරිණි.
අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ශෝක පණිවුඩය සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අවමංගල සභාවට ඉදිරිපත් කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ද අවමංගල සභාව ඇමතූ අතර කැලණිය විශ්ව විද්‍යාලය වෙනුවෙන් වූ ශෝක ප්‍රකාශය එහි උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය ඉදිරිපත් කළාය.
කොවිඩ් අවදානම හේතුවෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අදාහන පූජෝත්සවයේ වැඩකටයුතු සැලසුම් කර තිබූ අතර එම භූමියේ රැඳී සිටීමට අවකාශ සලසා තිබුණේ ආසන පනවා තිබූ ප්‍රමාණයට පමණි.
ආණමඩුවේ ධම්මදස්සී අස්ගිරි පාර්ශවයේ අනු නා හිමි, මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නා හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති, ශාස්ත්‍රපති ගංතුනේ අස්සජි නා හිමි ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරුන්, කතානායක මහින්ද යාපා අබේවර්ධන, මැති ඇමතිවරුන්, විදෙස් තානාපතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

අප ගුරු නා සමිඳු නිවනින් නිවෙන්නයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site