’යුක්තියේ ජනහඬ’ ගාල්ලේ රැළිය ඇරඹේ එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන ඒකාධිපති වියරුව පලවාහරින විරෝධතාවය හා යුක්තියේ ජනහඬ ජනතා රැළිය ගාල්ල නගරයේ දී අද (3) ආරම්භ කෙරිණි. 03 December 2018
රැකියා විරහිත උපාධිධරයෝ වීදි බසිති සියළු උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් මේ වන විට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්විණි. 03 December 2018
රත්මලාන ශ්‍රී ධර්මාරාම නාහිමි ගුණ සැමරේ රත්මලාන ශ්‍රී ධර්මාරාම නා හිමියන් ගේ ශතසංවත්සර ගුණ සැමරුම කැළණිය විද්‍යාලංකාර පිරිවෙනේදී අද (02) පැවැත්විණි. 02 December 2018
රට ගොඩ නගන ජාතික පිළිවෙතෙහි දසුන් රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේ දී පැවැත්වෙන ’රට ගොඩනගන ජාතික පිළිවෙත’ එළිදැක්වීමේ ජාතික සභාවට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද සහභාගි වී සිටින අයුරු ඡායාරූපවල දැක්වේ. 02 December 2018
උරුමය යටකරගෙන කළුගඟ ජලාශයේ ජල මට්ටම ඉහළ නගී මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ කළුගඟ ජලාශයේ ජලය ජල මට්ටම ඉහළ යාමත් සමඟ ඓතිහාසික උරුමයන් රැසක් පවතින ලග්ගල පල්ලේගම නගරය , ඇතුළු ගම්මාන රැසක් මුළුමනින්ම යට වෙමින් පවතී. 02 December 2018
ශ්රව්යාබාධිතයන්ගේ විස්සයි 20 ලෝක කුසලාන දිනාගෙන එති ඉන්දියාවේදී පැවති ශ්‍රව්‍යාබාධිතයන් සඳහා වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සිය මව්බිම වෙත පැමිණියේය. 02 December 2018
‘යුක්තියේ යාත්‍රාව‘ රිය පෙරහර කොළඹදී මහින්ද රාජපක්ෂට අගමැති ධුරයට ආරාධනා කිරීම ජනතාවගේ විශ්වාසය කඩාදමා යුක්තිය පරාජය කිරීමට ගත් පියවරක් බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (01) පැවැසීය. 01 December 2018
මොරගහකන්ද වාන් දොරටු විවෘත කරයි කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) සිදු කෙරිණි. 30 November 2018
මැතිවරණයක් ඉල්ලා කලාකරුවෝ පිරිසක් නිහඬ විරෝධතාවයක මහ මැතිවරණයකට ඉඩ දෙන ලෙස බල කරමින් නිදහස් කලා සන්ධානය සංවිධනය කළ නිහඬ විරෝධතාවයක් අද (29) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි. 29 November 2018
ඩී. ඒ. රාජපක්ෂ ගුණ සැමරේ දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 51වන ගුණසමරු උත්සවය අද( 29) සවස කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි. 29 November 2018
අද පාර්ලිමේන්තුව අද (29) පාර්ලිමේන්තු සභා වාරය කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 29 November 2018
භික්ෂූන් වහන්සේලා 143 නමක් පිණ්ඩපාත චාරිකාවක රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ ශත සංවත්සර ප්රභාෂණයට සමගාමීව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ 143 වැනි සංවත්සරය වෙනුවෙන් මේ දිනවලදී පැවැත්වෙන පිංකම් මාලාව ආරම්භ කරමින් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ සිට භික්ෂූන් වහන්සේලා 143 නමක් සහභාගී වූ පිණ්ඩපාත චාරිකාවක් අද (29) පැවැත්විණි. 29 November 2018
වළාකුළක් කඩාවැටෙයි කුරුණෑගල මහනුවර ප්‍රධාන මාර්ගය ආසන්නයේ ගැට්ටුවාන ධීවර ගබඩාව පිහිටි මාර්ගයේ වෙල් යායක ගොයමේ අද (29) අලුයම් කාලයේ සිට බොහෝ වේලාවක් ගතවන තෙක් අඩි ගණනක් උසට වලාකුලක් මෙන් විසිරුණු සුදු පැහැති යමක් දර්ශනය විය. 29 November 2018
මහ මැතිවරණයක් ඉල්ලා වෘත්තිය සමිති වීදී බසිති රට අස්ථාවර නොකර ජනතාවගේ කැමැත්ත විමසා බැලීම සඳහා වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි. 27 November 2018
අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ සරසවි සංගමයේ සමුළුව ඇරඹේ අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්ව විද්‍යාල සංගමයේ පස්වැනි ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) කොළඹ දී පැවැත්විණි. 27 November 2018
ආධුනික නාවිකයෝ 376 දෙනෙකු විසිර යති ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 233 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 376 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකර විසිර යාමේ පෙළපාලිය පූනෑව, ශ්‍රී ලංකා නාවික හමුදා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි. 26 November 2018
ජාතික කම්කරු නීති සමුළුව ඇරඹේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කළ ජාතික කම්කරු නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. 26 November 2018
යාපනය මුහුදු වෙරළට දැවැන්ත තල්මසෙකු ගොඩ ගසයි යාපනය කන්කසන්තුරෙයි කීරිමලෙයි මුහුදු තීරයට මිය ගිය තල්මසෙකුගේ මළ සිරුරක් ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීහු පවසති. 26 November 2018
හඳුන් දිවියකුගේ සිරුරක් හමුවෙයි වාහනයක ගැටී මිය ගිය හඳුන් දිවියකුගේ සිරුරක් අද (26) අලුයම හමු වී ඇති බව දිඹුල පොලිසිය පවසයි. 26 November 2018
අගමැති දළඳා සමිඳුන් වැඳ පුදා ගනී අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (25) මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැද ආශිර්වාද ලබා ගත්තේය. මෙම අවස්ථාවට අගමැතිවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එකව සිටියහ. 25 November 2018
ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේ විරුවන් සමරති ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරයා ප්රමුඛ දස දහසක් විරුවන්ට පිං පැමිණවීම වෙනුවෙන් පැවැත් වු පිංකමක් කොළඹ 07,සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. 25 November 2018
හිටපු අගමැති රනිල් මල්වතු - අස්ගිරි මහ නාහිමිවරු හමුවෙයි එක්සත්ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (24) මහනුවරට පැමිණි මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය. 24 November 2018
දළඹුවෝ කල්පිටියේ වගාබිම් වනසති බෝග වගාවන්ට තර්ජනයක් වී ඇති සේනා දළඹුවාට සමාන කම් ඇති දළඹු විශේෂයක් මේ වන විට කල්පිටිය වගා බිම් ආක්‍රමණය කර ඇති බව වගා කරුවෝ පවසති. 22 November 2018
සත්‍යග්‍රහයට එජාප මන්ත්‍රීවරු පිරිසක් ද එක්වෙති ‘රටේ ප්රජාතන්ත්රවාදය නැවත ස්ථපිත කර අඛණ්ඩ සත්‍යග්‍රහය කරනවා‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහතා සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්රජාතන්ත්රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය කොළඹ නගර ශාලාව ඉදිරිපිට බුදු පිළිමය අසළ පැවති සත්‍යග්‍රහයට එක්වෙමින් අද( 22) පැවසීය. 22 November 2018
ලුණුගම්වෙහෙර ජලාශය වාන් දමයි වැසි සහිත කාලගුණය හේතුවෙන් කිරිඳිඔය ජලමට්ටම ඉහළ යාම නිසා ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු දෙකක් අද (22) විවර කළ බව, තිස්සමහාරාම වාරිමාර්ග ඉන්ජිනේරු අමිල ෂිරන්ත මහතා පැවසීය. 22 November 2018
නන්දිකඩාල් කලපුව පිරී පුදුකුඩුඉරිප්පු මාර්ගයත් ජලයෙන් යට වෙයි මුලතිව් දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් වසර ගණනකට පසුව නන්දිකඩාල කලපුව පිරී පවතින අතර කලපුව හරහා ඉදිකොට තිබෙන වට්ටුවාකල් පාලම් මාර්ගයට ඉහළින් ජලය ගලාගෙන යාමටද පටන්ගෙන ඇත. 22 November 2018
මොරගහකන්දේ ජල මට්ටම සියයට 90ක් පිරි අවසන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම අද (21) වන විට මීටර් 58ක් (ජලාශයේ පතුලේ සිට අඩි 174 ක්) වී ඇති බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු පී. එස්.බණ්ඩාර මහතා පැවැසීය. 21 November 2018
ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහි සත්‍යග්‍රහය සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්රජාතන්ත්රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය කොළඹ නගර ශාලාව ඉදිරිපිට බුදු පිළිමය අසලදී අද (21) ආරම්භ විය. 21 November 2018
බලපිටිය ප්‍රා.සභාවත් උණුසුම් වෙයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කළු හැඳ විරෝධය පෑමත් කතානායක කරු ජයසූරිය මහතාට විරෝධය පාමින් පොදුජන පෙරමුණේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කළු පටි පැළද සභාවට පැමිණීමත් නිසා අද (21) බලපිටිය ප්‍රාදේශීය සභා රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්විය. 21 November 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026