IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කතානායක - හිටපු ජනපති අහම්බෙන් හමුවෙති

(ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ පියා වූ අභාවප‍්‍රාප්ත ඩී.එම්.පී.බී දසනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එය තැන්පත් කර තිබූ බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවට දේශපාලන ලෝකයේ බොහෝ දෙනෙක් පැමිණියහ.

ඒ අතර කතානායක කරු ජයසූරිය මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දේහයට අවසන් ගෞරව දක්වන්නට පැමිණ තිබුණේ එකම වේලාවකය.

දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු තවත් වේලාවක් එහි රැඳී සිටි කතානායකවරයා හා හිටපු ජනාධිපතිවරයා කතාබහක ද නිරත වී ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා ද මෙම අවස්ථාවේ එහි සිට ඇත.

 



අදහස් (4)

කතානායක - හිටපු ජනපති අහම්බෙන් හමුවෙති

sirimal Tuesday, 04 December 2018 09:11 AM

මෙවැනි ශෝකාකුල අවස්ථාවකුත් දේශපාලනයට ඇදගෙන. හත් ඉලව්වයි උසාවිය කියනදේ අහන්නේ නැතුව මොනවද තවත් මේ නටන නාඩගම ? අප දන්නා තරමට නම් "අග්‍රාමාත්‍යවරයා තෝරා ගත යුත්තේ ව්‍යවස්ථාදායකයේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයා ලෙස වන අතර ඒ අනුව අග්‍රාමාත්‍යවරයාව ඉවත් කිරීම ද සිදු කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවටම පමණි". එහෙමනම් මහින්ද රාජපක්ෂ වෙනුවට නිමල් සිරිපාල හෝ චමල් රාජපක්ෂ අගමැති තනතුරට පත්කිරීමෙන් මෙම අවුල විසඳා ගත හැකිවේවිද? ජනාධිපතිවරයා ඒ ගැන සිතා බලන බවටයි අපට නම් ආරංචි වෙන්නේ.

:       1402       1110

IQ Tuesday, 04 December 2018 09:31 AM

මෙයා හිටපු ජනපති වෙලා ............

:       70       232

liyanage Tuesday, 04 December 2018 10:54 AM

ලංකාවේ මිනිස්සු ලෝකේ කොහේ මොනරටක හිටියත් මරණයකට ගියත්, මගුලකට ගියත් දානයකට, බණකට ගියත් ඒ ගොල්ලෝ ලංකාවේ ඉද්දි කරපු දේශපාලනය හැර වෙනකක් නැත. සමහරු ඇවිත් දෙකක් දාගත්තට පසුව ඔවුන් පරණ කරපු දේශපාලන අඳෝනාවල් දිගහරින්නට පටන්ගනී.. අාවේ මොකටද? ඉන්නේ කොතනද? කියලවත් හිතන්නේ නැතිව හැසිරෙන්නේ මෝඩයන් ලෙසමයි...

:       0       0

wasntha Tuesday, 04 December 2018 11:40 AM

මේ අය "අහම්බෙන්" හම්බු වෙන අය නොවේ. රටට එකක් පෙන්නලා, තිරය පිටුපස මේ අය හැමදාම හම්බ වෙනවා. එය නොදැන මොවුන් පිටුපස යන මහජනයා තමයි හැමදාම මෝඩයෝ වෙලා ඉන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site