




ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරයා ප්‍රමුඛ දස දහසක් විරුවන්ට පිං පැමිණවීම වෙනුවෙන් පැවැත් වු පිංකමක් කොළඹ 07,සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
ශාන්ති පදනම සංවිධානය කළ මෙම පිංකම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) උදෑසන පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වීර කැප්පෙටිපොළගේ සිතුවමට පුෂ්පෝපහාර දැක්වු අතර අනතුරුව භික්ෂුන් වහස්සේලාට උදෑසන දානය පිළිගැන්වීමට ද එක්විය.
නිදහස් අරගලයේ දී දිවි පිදූ විරුවන් වෙනුවෙන් වූ විශේෂ පුණ්‍යානුමෝදනාව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස හිමියන් විසින් කරන ලද අතර වීර කැප්පෙටිපොළ ගුණානුස්මරණ කථනය සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොටපොළ අමරකිත්ති ස්වාමීන් වහන්සේ විසින් කරන ලදි.
(36698)
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්දහස් අටසිය ගණන්වලට පසුව රටේ ලොකුම පාවාදීම කරලා ලජ්ජා නැද්ද අතීත විරුවන් සමරන්න යන්න? මේකෙන් පේනවා හොඳට මොනතරම් බලය ඉදිරියේ කුජීත වෙලාද කියලා...
වැදගත්ම දේ මේ විරුවන් රටකරන කොට පාවාදීම්, කේලම්, කොන්ද නැති වැඩ කෙරුවේ කොහොමද? කියලා පොත්පත්වලින් දැනුම ගන්න එක අද හිමිවරුන් මුලික තැන අරගෙන වැඩකෙරුව නිසා... හොඳයි නැතිනම් මෙයා කතාකෙරුවා නම් රනිල්ට බැනලා ගෙදර යයි. පුදුම විදියට ලොකු ඇත්තන්ට වදින කෙනෙක්... දැන් ටිකක් බය නැහැ. මහින්ද ඉන්න නිසා ගරු ප්‍රේමදාස ජනාධිපතිටත් මල්මාලා දාපු කෙනෙක්...
රට වෙනුවෙන් දිවිදුන් වීරයන්ට පින් දීමට ශාන්ති පදනම කල පිංකම ඉතාමත් විශිශ්ටයි. පොත් වල තියෙන හැටියට මෙම වීරයන්ට තම දරුවන්, බිරිඳ, දේපල සියල්ල අහිමි වුණා. අවසානේ හිස් ගැසුම් කන්නටත් වුණා. රට වෙනුවෙන් කොපමණ වේදනාවක් විඳින්න ඇතිද? ( දැන් මානව හිමිකම් ගැන ලංකාවෙන් ප්‍රශ්න කරන සුදු ජාතිකයින් තමා මේවා කලේ.)
අපගේ විරුවන් සදා සමරමු.