(සටහන - අංජුල මහික වීරරත්න)
(ඡායාරූප - ගයාන් අමරසේකර)
මහින්ද රාජපක්ෂට අගමැති ධුරයට ආරාධනා කිරීම ජනතාවගේ විශ්වාසය කඩාදමා යුක්තිය පරාජය කිරීමට ගත් පියවරක් බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (01) පැවැසීය.
ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ ජනතා පරමාධිපත්‍ය බලයට යටත්ව බව කී රනිල් වික්‍රමසිංහ මහතා ජනතා පරමාධිපත්‍ය බලයට පයින් ගසන අවස්ථාවලදී නිහඬව ඉන්නට සූදානම් නැතිබවද අවධාරණය කළේය.
මහජනතාවගේ පරමාධිපත්‍යබලය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව බවද වික්‍රමසිංහ මහතාකීය.
ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් ක්‍රියාත්මක යුක්තියේ යාත්‍රාව රිය පෙරහරේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
යුක්තියේ යාත්‍රාව රිය පෙරහර කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ධජය වනා සංඥාකිරීමෙන් පසු රිය පෙරහර ගමන් ඇරඹීය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට දෙකඩ කිරීමේ යාත්‍රාව.
අහෝ!!! අති උතුම් බුද්ධ ශාසනය විනාශ කරන්න ආපු අලුගෝසුවන් අවසානයෙදී ධර්ම චක්‍රය පෙරටු කරන් තමන්ගේ බඩ වඩා ගන්න කරන උත්සාහය. සැමදා විලි ලැජ්ජාවක් නැති යූ.එන්.පී. මී කුලයේ පක්ෂය...
ආ දැන් තමයි බෞද්ධ කොඩි පිරිත් එහෙම මතක් වෙලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවාදී නායකයෙක්... ඔය මිනිස්සු පෙරහරේ යන කොහෙද දන්නේ නැහැ... හිටියේ කොටින්ට වන්දි දෙන ත්‍රස්තවාදයට අනුබල දෙන ලෙස හමුදා කඳවුරු අයින් කරන කොට, ශිවාජිලිංගම්ලාට රඟන්න ඉඩදීලා තියෙනකොට. අනේ මෙහෙමත් මිනිස්සු... පක්ෂ නෙමෙයි බොලව් වැදගත් රට හිතට ගනිල්ලා....