



පුෂ්පකුමාර ජයරත්න
කුරුණෑගල මහනුවර ප්‍රධාන මාර්ගය ආසන්නයේ ගැට්ටුවාන ධීවර ගබඩාව පිහිටි මාර්ගයේ වෙල් යායක ගොයමේ අද (29) අලුයම් කාලයේ සිට බොහෝ වේලාවක් ගතවන තෙක් අඩි ගණනක් උසට වලාකුලක් මෙන් විසිරුණු සුදු පැහැති යමක් දර්ශනය විය.
පීදෙන ගොයම මත සබන් පෙණ සහ පුළුන් වැනි ද්‍රව්‍යයක් කුඹුරේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින ආකාරය දර්ශනය වූ අතර ඒවා ස්පර්ශ කළ සැණින් බිඳී යන ආකාරයක් දැක්නට ලැබුණේ යැයි ප්‍රදේශවාසීහු පවසති.
මෙම දර්ශනය දැකබලා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් එහි රැස්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැයශීර්ෂ පරදිනකොට වලාකුළු කඩා වැටෙයි.
සුදම් සභාවේ අරගලයක් වී අහසින් කොටසක් කඩා වැටී..(සකුරා මල් පිපිලා ගීතයේ කොටසක් උපුටා දැක්වීමකි) ගායනය - නන්දා මාලිනී පද රචනය - සුනිල් ආරියරත්න
ලංකාවේ දැන් වෙන දේවල් හැටියට මේක මොන කජ්ජක්ද?
ඔන්න දැක්ක නේද? අලුත් ආණ්ඩුව අපු ගමන් වලාකුලුත් බිමට පාත් වෙනවා. කෝ මිට කලින් උනාද ඔව්ව?