





අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්ව විද්‍යාල සංගමයේ පස්වැනි ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) කොළඹ දී පැවැත්විණි.
ථෙරවාදී බෞද්ධ රටවල් අතර ආගමික හා සංස්කෘතික සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්ව විද්‍යාල සංගමය දෙවසරකට වරක් පවත්වන සමුළුවේ මෙවර සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි.
කාලීන වශයෙන් ථෙරවාදී බෞද්ධ දර්ශනයට එල්ල වන අභියෝග සඳහා වඩාත් ශක්තිමත් විසඳුම් සෙවීම සඳහා මෙම සමුළුව ඉතා වැදගත් වන අතර නවීන ලෝකයට ගැළපෙන පරිදි ථෙරවාදී බෞද්ධ දර්ශනය සමාජගත කිරීම මෙන්ම ථෙරවාදී බෞද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම ද එහි තවත් අරමුණකි.
ථෙරවාදි බුදුදහම ව්‍යාප්තව ඇති රටවල් දහයක භික්ෂුන් වහන්සේලා සහ විද්වතුන් මෙම සමුළුවට එක්ව සිටින අතර, සිතගු විශ්ව විද්‍යාලයේ කුලපති සහ මියන්මාරයේ සුජින් නිකායේ අනු සංඝනායක අශීන් ඥාණිස්සර හිමිපාණන් වහන්සේ වෙත මෙහි දී ජනාධිපති විසින් විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පිළිගැන්වුහ.
අස්ගිරි මහා නිකායේ මහා නායක වරකාගොඩ ඥානරතන නායක හිමිපාණන් වහන්සේ, මල්වතු මහා නිකායේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි මහා නායක ස්වාමින් වහන්සේ, කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක ස්වාමින් වහන්සේ, අමරපුර නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති කනත්තෙගොඩ සද්ධාරතන හිමිපාණන් වහන්සේ, ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ සංගමයේ විධායක ලේකම් කම්මායි ධම්මස්සංමි හිමිපාණන් වහන්සේ ඇතුළු දෙස් විදෙස් ගිහි පැවිදි පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(28535)
ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය
2025 දෙසැම්බර් මස 18
53
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
132
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ සරසවි සංගමයේ සමුළුව ඇරඹේ
Kumar (Gulf) Wednesday, 28 November 2018 02:35 PM
රටටම හෙනගැහිලා හැඳිගෑවිලා ගියත් කමක් නෑ. බුද්ධාගම කබල් ගෑවොත් විතරක් ඇති රටටයි, ලෝකෙටයි පෙන්නන්න.
Keppetipola Thursday, 29 November 2018 10:41 AM
බුදු දහමට නිගා කරන මෙවැනි පරයින්ගේ ප්‍රතිචාර දාන්නේ ඇයි?