




(ශාන්ත රත්නායක)
‘රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථපිත කර අඛණ්ඩ සත්‍යග්‍රහය කරනවා‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහතා සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය කොළඹ නගර ශාලාව ඉදිරිපිට බුදු පිළිමය අසළ පැවති සත්‍යග්‍රහයට එක්වෙමින් අද( 22) පැවසීය.
එහිදී වැඩිදුරටත් ඔහු මෙසේ කියා සිටියේය.
“ ව්‍යවස්ථානුකුල ජනාධිපතිතුමා කටයුතු කළ යුතුයි. එය පැහැදිලිව කරලා නැහැ. ඒ නරක පුර්වාදර්ශයක්. රටේ බුද්ධිමත් ජනතාවගේ සහයෝගය මේ අරගලයට. මේ එක්සත් ජාතික පක්ෂයේ පමණක් නෙවෙයි. සෝභිත හිමියන් පටන් ගත්ත යහපාලන ප්‍රතිපත්ති අනුව මේ රට පාලනය කළ යුතුයි” යනුවෙන්ද පැවසීය.
එහිදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු රැසක් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහයට එක වුහ.
මීට එරෙහි මහජන පෙත්සම ද අත්සන් කිරීම අද සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද? ලෝකේ ප්‍රජතන්ත්‍රවාදයේ තියෙන්නේ ඇමෙරිකාව එංගලන්තය මැදපෙරදිග සහ ලිබියාවේ ප්‍රජතන්ත්‍රවාදය ස්ථාපිත කරලා ගොඩක් කල් දැන් එහේ ප්‍ප්‍රජතන්ත්‍රවාද දොරේ ගලනවා.
බලමුකෝ කොපමණ කාලයක් මේ ගොල්ල උපවාසය කරියිද කියල. ෂිෆ්ට් එකට උපවාස, ඔෆ් ශිෆ්ට් ගෙදර කෑම. හා හා හා
නියම ප්‍රජාතන්ත්‍රවාදය තමයි, පවතින ආණ්ඩුව ජනතාව පෙලාගෙන බදු ගන්නකොට රටට වැඩක් නොකර තමන්ගේ වැටුප් දීමනා ගෙවා ගැනීමට ණය ගන්නකොට, ඒ රජය විසුරවා හැර ජනතාවට අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඉඩ දීම. එය ප්‍රජාතන්ත්‍රවාද නොවෙයි කියා මොන එජාප ගැත්තාද කියන්නේ.
අයියෝ වැඩ නැද්ද?
අනේ මෙහෙම තණ්හාවක් ....අනේ මෙහෙම ආසාවක් ....
නියම ප්‍රජාතන්තවාදය අපට ඕනනෙ. එක තමයි ඡන්දය. ඒක මොන කාලේ තිබ්බත් අපට එකයි .
මට මේ අයට රෑට කෑම සපයන කොන්තරාත්තුව ගන්ට පුලුවන්ද?
නවීන් ඇතුළු ඔතන ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ මුලින්ම කළයුත්තේ පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළයුතුයි. අද එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණොත් අද මෛත්‍රීද ජනාධිපති? අද මෙහෙම දුක් විඳින්න ඕනද? අද ඔබගේ නායක විසින් පක්ෂයතුල නායකයක් අයින් කරන්න හෝ පත් කරන්න බැරි තරමට ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංගන කරමින් ඉතා නරක හා භයානක ව්‍යවස්ථාවක් ඇති කරගන, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරලා තේරුමක් නැහැ.
නවීන් ආණ්ඩුව නැවත ඕනවෙලා.. ඒ මොකටද? පිළිකාකාරක අඩංගු පොහොර ගෙන්නන්නද?
සත්‍යග්‍රහ කරන්නේ මොකටද අධිකරණය තියෙද්දී? අනිත් කාරණය මේ කට්ටියට බහුතරය තියෙන නිසා අනිවාර්යයෙන් ජනාධිපතිට විරුද්ධව දෝශාභියෝගයක් ගේන්න පුළුවන්... නමුත් එහෙම කරලා ජනාධිපතිව ඉවත් කෙරුවොත් කවුද තාවකාලික ජනාධිපති වෙන්නේ? නමුත් මහින්දට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්ට බැහැ.. හේතුව ඔහුව පත්කරලා තියෙන්නේ ජනාදිපති නිසා... බහුතරය පෙන්වීමෙන් අගමැති ඉවත් කරන්ට බැහැ. හේතුව බහුතරය තාවකලිකයි. මුදල් හෝ වෙනත් වරප්‍රසාද මගින් බහුතරය පෙන්වන්නට පුළුවන්.. පාර්ලිමන්ට් එකක බහුතරය තාවකාලිකයි.
මූණු ටික හොඳයි වෙසක් එකට බබාලා බයකරන්න.
කොහොම හරි.. මේක මරණයෙන් අවසන් කරගන්න ලබුනොත් අපේ රට ගොඩාක් වාසනාවන්ත වෙයි නේද?