චමිල් රූපසිංහ
එක්සත්ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (24) මහනුවරට පැමිණි මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.
එක්සත්ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහානායක හිමිවරුන් හමුවිම පෞද්ගලික හමුවීමක් බැවින් මහානායකහිමිවරුන් බැහැ දැකීම පමනක් මාධ්‍ය අවරණය සඳහා අවස්ථාව උදාවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තයට දෙවියෝ බුදුන් සිහි වෙලා තියෙන්නේ දැන්නේ.
තවමත් අගමැති රනිල්
හිටපු අගමැති කියන්නේ අධිකරණ නියෝගය කලින් ලැබිලද?
චිරං ජයතු අනාගත ජනපති! ධම්මික
එදා බුද්ධ වචනය හා ඵුස්ස මහරහතන් වහන්සේගේ දේශනා අනුව වර්තමානයේ ඇතැම් හාමුදුරුවරුන් කටුස්සා පාට වෙනස් කරනවා වගේ එක එක වෙලාවට එක එක දේ කීම මහා විහිළුවක් බවට පත්වෙලා. පසුගියදා දඹර අමිල හිමියන් කී ආකාරයට එක්තරා දූෂිත දේශපාලකයෙකුට දණින් වැටී ඔහුට සෙත් පැතූ අනුනායක කෙනෙකු ගැන හෙළිදරව් වුණා. අනේ! ශාසනයකට ගිය කලක්. දේශපාලකයින්ගේ වැරදි පෙන්වා ඔවුන් යහමගට ගැනීම සැබෑ බොදු පිළිවෙත වුවද, තම පටු පුද්ගලික අරමුණු වෙනුවෙන් ඔවුන්ගේ වරද නොපෙන්වීම හා වරදට අනුබල දීම මොනතරම් නීච ක්‍රියාවක්ද?
පන්සල් ඩෝසර් කරනකොට ගතු කියන්න ගියේ නැහැ ... දැන් තමන්ට අවාසි වෙනකොට හොයාගෙන යනවා.
මල්වත්තේ හාමුදුරුවන්ට නම් වෙච්චදේට හිතට අමාරු ඇති, රටට හෙන ගැහුවත් කමක් නැහැනේ. එහෙම නැත්නම් රටේ සම්පත් විකුණද්දී, මහබැංකුව කොල්ල කාපු බව දැනදැනත් කොහොමද නායක හාමුදුරුවෝ ඒ ගැන අවවාද නොකර ඉන්නේ...?
අනේ පවු අප්පා අපේ අගමැතිතුමා, මොකක්හරි උණාම තමයි ආගමික නායකයො මතක් වෙලා තියෙන්නෙ.
සමිදුනි, මුතුන්මිත්තන් එක්කල රට බෙදා වෙන් කොට ඉතිරිවන බිම් කඩ සුද්දන්ට ගැති කොට සාමයෙන් මියෙන්නට දෙන්න මට අවසර.....