තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවර කරයි මහ වැසි හේතුවෙන් තබ්බෝව ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ වාන් දොරටු හතරක් විවර කළ බව පුත්තලම ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු දිලීප හෙට්ටිආරච්චි මහතා අද( 01 ) පැවසීය. 01 December 2019
අතරමං වූ අලි පැටවා ගිරිතලේ වනජීවි රෝහලට පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ පූදුර් ප්‍රදේශයේ මවගෙන් මගහැරී අතරමංවී සිටි කුඩා අලි පැටියෙකු සොයා ගත් බව පොළොන්නරුව වනජීවි කාර්යාල නිලධාරීහු පවසති. 01 December 2019
දැදුරුඔය වාන් දොරටු 8ම විවෘත කරයි පැවැති අධික වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටම අද (01) අලුයම සිට අඩි 03 බැගින් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු ආර්.ඩී.ඒ. දේශප්‍රිය මහතා පැවසීය. 01 December 2019
ශ්‍රී ලංකා - ඉන්දීය ජනපතිවරු හමුවෙති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා සමඟ ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වයි. 29 November 2019
ජනපති ගාන්ධි ස්මාරකයට උපහාර දක්වයි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම නායක මහත්මා ගාන්ධිතුමාගේ ස්මාරකයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (29) සිය ගෞරවය පුද කරනු ලැබීය. 29 November 2019
ජේආර්ගේ 23 වැනි ගුණ සැමරේ මෙරට ප්‍රථම විධායක ජනාධිපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 23 වන ගුණානුස්මරණය නිමිත්තෙන් කොළඹ ජයවර්ධන කේන්ද්‍රය මගින් සංවිධානය කළ දානමය පිංකමක් එම කේන්ද්‍රය පරිශ්රයහි අද (29) පැවැත්විණි. 29 November 2019
ජනපති ඉන්දීය ජනපති-අගමැති හමුවෙයි ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ද් හා අගමැති නරේන්ද්‍ර මෝදි මහත්වරු විසින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව උත්සවාකාරයෙන් ඉන්දියාවේ රාෂ්ඨපති භවන් හීදී පිළිගනු ලැබිණි. 29 November 2019
කාසල්රී ජලාශයට මිරිදිය මසුන් ලක්ෂ දෙකක් මුදාහැරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කරන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව කාසල්රී ජලාශයට ‘රෝ’ මත්ස්යය පැටවුන් 280,000ක් අද(29) මුදාහරින ලදී. 29 November 2019
ඉන්දීය බෙරවාදන මධ්‍යයේ ජනපති පිළිගනී තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවිය. 28 November 2019
ඉසෙඩ් ඩී ඇළට වැටුණු වන අලියා ගොඩගනී වෙහෙරගල ප්‍රදේශයේදී මාදුරුඔය ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටී සිටි වන අලියෙකු අද(28) වනජීවි නිලධාරීහු පිරිසක් ගොඩගෙන අලුත්ඔය රක්ෂිතයට මුදාහැරීමට පියවර ගත්හ. 28 November 2019
අගමැති අමාත්‍යාංශයන්හි වැඩබාරගනී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන , ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස අද (27) සවස බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශයේදී වැඩ භාර ගත්තේය. 27 November 2019
උතුරේ පොලිසියත් නගර පිරිසිදු කරති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව, ජනහිතකාමී සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් උතුරේ පොලිස් නිලධාරීහු ද නගර පිරිසිදු කිරීමට දායක වී සිටිති. 27 November 2019
ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගමන් මඟ ඡායාරූප ප්‍රදර්ශනය ඇරඹේ ‘ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගමන් මඟ’ ඡායාරූප ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද (26) ආරම්භ විය. 26 November 2019
රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය ගුවනට දිස්වන අයුරු රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය ගුවනට දිස්වන අයුරු 26 November 2019
ආබාධිත රණවිරුවෝ දෙදෙනෙක් පා ගමනක යුද සමයේදී ආබාධිත තත්වයට පත්වු රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීමේ අරමුණින් යාපනය නාගදීප පුරාණ රජමහා විහාරයේ සිට කතරගම කිරිවෙහෙර දක්වා ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු පා ගමනක් ආරම්භ කර ඇත. 26 November 2019
රුවන්වැලි මහ සෑයෙහි කොත් වහන්සේ නිරාවරණය කෙරේ අනුරාධපුර, රුවන්වැලි මහ සෑයෙහි චූඩාමාණික්‍ය සහිත ස්වර්ණාලේපිත කොත් වහන්සේ අද (26)පෙරවරුවේදී මඟුල්බෙර සක්හඬ මධ්‍යයේ සුබ මොහොතින් විවෘත කෙරිණි. 26 November 2019
රුවන්වැලි මහා සෑයට නව චූඩා මාණික්‍යය පළඳවයි අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය පැළඳවීම අද (25) පස්වරු 5.50ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණි. 25 November 2019
පොලිසිය කොල්ලුපිටිය - වැල්ලවත්ත මුහුදු ප්‍රදේශ පවිත්‍ර කරති පරිසර ආරක්ෂණ වැඩසටහන යටතේ පොලිස් නිලධාරීන් 400 දෙනකුගේ සහභාගීත්වයෙන් කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා වූ මුහුදු ප්‍රදේශය පවිත්‍ර කිරීමේ වැඩසහටනක් අද (25) පැවැත්විණි. 25 November 2019
බන්දුල වැඩ බාරගනී තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය හා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) කොල්ලුපිටියේ පිහිටි තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය. 25 November 2019
චමල් රාජපක්ෂ වැඩබාරගනී මහවැලි, කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිත හා පාරිභෝගික සුබ සාධන අමාත්‍ය ලෙස පත් වූ චමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි මහවැලි අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය. 25 November 2019
බස්නාහිර ආණ්ඩුකාර වැඩ අරඹයි බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද (25) වැඩ බාරගත්තාය. 25 November 2019
ප්‍රසන්න රණතුංග වැඩ අරඹයි කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි එම අමාත්‍යාංශයේ දී අද (25) සිය ධුරයේ වැඩ භාර ගත්තේය. 25 November 2019
ඌවේ නව ආණ්ඩුකාර වැඩ අරඹයි ඌව පළාත් නව ආණ්ඩුකාර ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ රාජා කොල්ලුරේ මහතා අද (25) පෙරවරු 11.05ට යෙදුණු සුබ මොහොතින් ඌව පළාත් ආණ්ඩුකාර ධූරයේ වැඩ බාර ගත්තේය. 25 November 2019
ජනපති බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැද පුදා ගනී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (24) බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැද පුදා ආශිර්වාද ලබා ගත්තේය. 24 November 2019
ජපන් තානාපති ජනපති හමුවෙයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසුණේය. 24 November 2019
බංගලාදේශ මහ කොමසාරිස් ජනපති හමුවෙයි ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. 24 November 2019
ශංකර් ජාත්‍යන්තර චිත්‍ර තරගයෙන් වාර්ෂිකව පවත්වනු ලබන ශංකර් ජාත්‍යන්තර චිත්‍ර තරගාවලිය 20වැනි වරටත් කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී අද (23) පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය මහකොමසාරිස් තරංජිට් සිං සන්ධු මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරිණි. 23 November 2019
අගමැති දළදා වහන්සේ වැඳපුදා ගනියි මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව ප්‍රථමයෙන් අද (23) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය. 23 November 2019
චූඩා මාණික්‍යය වන්දනා කිරීමට සැදැහැවත්හු අනුරපුරයට එති රුවන්වැලි සෑ රදුන්ගේ පැළඳවීම සඳහා නිර්මාණය කරන ලද නව රන් පාදම සහිත චූඩා මාණික්‍යය වන්දනා කිරීම සඳහා දිවයින පුරා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පැමිණෙමින් සිටියි. අද (23) සහ හෙට (24) එය දිවා රාත්‍රී රුවන්වැලි සෑ මළුවේ මහජන ප්‍රදර්ශනයට තබා තිබේ. එය 25 වැනිදා මහසෑයට පළඳවන අතර ස්වරණාලේපිත කොත් වහන්සේ හා චූඩා මාණික්‍ය නිරාවරණය කෙරෙන්නේ ලබන 26 වැනිදායි. 23 November 2019
අහම්බෙන් හමු වූ මැති-ඇමැතිවරු නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු -ඇමැතිවරු පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද හමු වූ අවස්ථාවේදී එකිනෙකාට සුබ පතනා අයුරු දක්නට ලැබිණි. 22 November 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026